No Fire Zone



හර්ෂි සි. පෙරේරා

මෙම චිත්‍රපටිය නේපාලයේ කත්මන්දු හි පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු සිනමා උළෙලේ තිරගත්විම වැළැක්වීම ශ්‍රී ලංකා ආණ්ඩුවේ ඉල්ලීම මත සිදු  වුවද එය නේපාලයේ වෙනත් ස්ථානයක තිරගත කිරීමට කටයුතු යොදා තිබේ. ශ්‍රී ලංකාවේ 26 වසරක නිමා වූ යුද්දයේ අවසාන මාස කිහිපය චිත්‍රපටිය සදහා වස්තු විෂය වී ඇත. එහිදී යුද අපරාද සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාද වලට මුල් තැන දි ඇති බව සදහන්ය. මෙහිදී යුද්ද්යයේ වින්දිතයින් සහ අපරාදකරුවන් යන දෙපාර්ශ්වයම ජංගම දුරකථන සහ කැමරා වලින් ගත්ත සත්‍ය දර්ශන මෙයට ඇතුලත් කර ඇති බවද සදහන් වේ. ශ්‍රී ලංකා ආණ්ඩුව මෙයට එරෙහිය. මේ එරෙහිවීම තුල උල්ලංගනය වන්නේ බෂණයේ හා ප්‍රකාශනයේ නිදහසයි. මෙම චිත්‍රපටිය සත්‍ය වුවද වියාජ වුවද පිළිගතයුතු සත්‍යක් ඇත. එනම් ශ්‍රී ලංකාවේ යුක්තිය නැති බවයි. එය ශ්‍රී ලංකාවේ දිනපතා වාර්තා වන වදහිංසා පැමිණවීම් ,මද්යවේදීන්ට සිදුවන තර්ජන සහ 43 වැනි අගවිනිසුරුවරියට සැලකු ආකාරයෙන් මනාව පැහැදිලි වේ. යුක්තිය නොමැති තැන සාමයක්ද නැත.