කේන්දර සුමනේ ඉන්ධන වංචාවක

   


අමිල ගුණරත්න

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ක්‍රියාකාරී අධ්‍යක්‍ෂක වරයෙකු වන සුමනදාස තිලක් අබේගුනවර්ධන විසින් ඉන්ධන දීමනා  වංචනිකව  ලබා ගෙන ඇති බවට වාර්තා වේ.  කිසිම අධ්‍යාපන සුදුසුකමක් හෝ බැංකු විභාග කිසිවක් සමත් නොමැති හුදු කේන්දර බැලීමත් සෙත් සාන්ති කිරීමත් නිසා  පන්දමට පත් වූ බත් බැලයෙකු වන මොහුට ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් කේ.වී 0385 අංක දරණ නවීන හයි හුන්ඩායි මොටර්  රථයක්ද  පරිහරනය සඳහා ලබා දී තිබේ. මෙම රථය සඳහා මාසිකව රුපියල් ලක්‍ෂයකට අධික මුදලක් වියාජ ඉන්ධන බිල්පත්  ඉදිරිපත් කරමින් සුමනදාස තිලක් අබේගුනවර්ධන විසින් ලබාගෙන ඇත. මේ අනුව සුමනදාස තිලක් අබේගුනවර්ධන විසින් රුපියල් ලක්‍ෂ 50 ට අධික මුදලක් ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් යටි මඩි ගසාගෙන තිබේ. මෙම වංචාව යට ගැසීම සඳහා කේන්දර සුමනේ   විසින්  දේව මන්ඩලය වෙනුවට දේශපාලන ඉහල අතු පසු පස යාමට පටන් ගෙන ඇති බවට බැංකු ආරංචි මාර්ග පවසයි.