Indian Film ;- ස්ත්‍රී දුෂකයා මරමුද?




හර්ෂි සි. පෙරේරා

Kill the Rapist? මාස කිහිපයකින් තිරගත වීමට නියමිත ඉන්දියානු සිනමා පටයකි. එහි ස්ත්‍රී දුෂණයට ලක්වන වින්දිතයකු තම අපරාදකරුගේ දයිවය විසදන ආකාරය නිරුපනය වේ. එය ප්‍රචණ්ඩකාරී මෙන්ම තිරිසන් සුවාබවයක් ගනී. මෙම සිනමා පටය ලොව පුරා සිටින ස්ත්‍රීන් උදෙසා කල නිර්මාණාත්මක කැප කිරීමකි.

 පසුගිය දෙසැම්බර් මාස 23 හැවිරිදි තරුණියක් බස් රථයක් තුල රංචු ගැසී ස්ත්‍රී දුෂණය කිරීම ඉන්දියාව පුරා බලවත් විරොදයක් ඇති කිරීමට හේතු විය. ඒ සදහා පළමු දඩුවම දිල්ලි උසාවිය විසින් සෙනසුරාදා දීමට නියමිතය. 

චිත්‍රපටිය නිෂ්පාදනය කලේ 39 හැවිරිදි සිද්දාර්ථ ජෙන්ය. ඒ සදහා ඔහුට උද්යෝගය ගෙන දුන්නේ ගිය වසරේ සිදුවූ මෙම දිල්ලි සිදුවීමයි. ජේන් පවසන ආකාරයට එහි අරමුණ නීතිය ක්‍රියාත්මක කරන්නන් තුල නීති සාදන්නන් තුල සහ මද්‍යයේ වෙනසක් ඇති කිරීමට බලපෑම් කිරීමයි. ඒ මේවනතෙක් සිද්දිය සම්බන්දයෙන් ඉන්දියාව තුල කිසිවක් සිදු නොවූ බැවිනි. 

චිත්‍රපටිය අද්යක්ෂණය කලේ සන්ජේ චෙල්ය. ඔහු කියන්නේ එය ඉතා දැඩි සන්නිවේදනයක් කරන අතර ප්‍රහාරකයින්ගේ සිත්වල විබවයට බිය ඇති කරන බවයි. ඔහු වැඩි දුරටත් කියන්නේ මෙය නීතියේ සහ ඉන්දීය සමාජයේ කාර්යබාරය වුවද ඒ සමබන්දයෙන් නීතිය මෙන්ම ඉන්දීය සමාජයද අසමර්ථව ඇති බවයි. 

ගිය සතියේද මුම්බායි වල මද්යවෙදිනියක් රංචු ගැසී ස්ත්‍රී දුෂණය කිරීමක් වාර්තා විය. ඉන්දියාවේ ස්ත්‍රී දුෂණයට ලක්වූ වින්දිතයින් දෙස බලන්නේ නොපහත් ලෙසයි. චිත්‍රපටියෙන් මෙම ආකල්ප හෙළිදරවු කරන අතර එයින් පුද්ගලයින්ට සිදුවන බලපෑමද විවරණය කරයි. ඉන්දීය ශේෂ්ට්‍රදිකරණයද ලිංගික අපරාද සම්බන්දයෙන් වැරදිකරුවන් වන සන්කයාව අඩුවීම ගැන සිය තැකීම පළකර ඇත.