"ලෝකයාට ඔබ කරන අර්ථාන්විත දායකත්වය අංශබාග කිරීමට ඉඩ නොදෙන්න"- අසන්ගේ




හර්ෂි සි. පෙරේරා 

සැම වසර 04 කට සැරයක්ම ජාතික ආරක්ෂක ඒජන්සියේ බලය දෙගුනයකින් වැඩි කරන බව තොරතුරු හෙළිදරවු කරන ඔත්තුකරුවකු වන ජුලියන් අසන්ගේ පවසයි. ඔහු වැඩි දුරටත් කියා සිටින්නේ මේ පිලිබදව සමහර විශේෂඥයින්ට පවා  සිදුවන්නේ කුමක්ද පිලිබදව දැක්මක් නැති බවයි. මිට අමතරව මෙම විකිලිස් නිර්මාතෘ ගුගල්ද දැඩිව විවේචනය කරයි. ඒ ගුගල් විශාලයි නමුත් නරකයි යනුවෙන් කියමිනි. ඔහු වැඩි දුරටත් කියන්නේ ගුගල් වොෂින්ටනයට තමන් අලුත් ලොක්හිඩ් මාටින් බව කීමට උත්සාහ ගන්නා බවයි. අම්ස්ටඩම් වලට කිලෝමීටර් 30 ක් උතුරින් පිහිටි ගිස්ටමබ්ලේ බුමියේ පිරිසක් අමතමින් මෙසේ කි අසන්ගේ සියලු දෙනාම තමන්ගේ සුවාදිපත්ය වෙනුවන් පෙනී සිට්යයුතු බව කියා සිටි. අසන්ගේ " ඔවුන්ට ඔබව බය කිරීමට ඉඩ නොදෙන්න . ඔවුන්ට ඔබ ලෝකයාට කරන අර්ථාන්විත දායකත්වය අංශ බාග කිරීමට ඉඩ නොදෙන්න " යයි කියයි.