දඬුවම් ගැන වීරවංස කතා කරයි



    අමිල ගුණරත්න 

    මෑතකදී  කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ සිසුවියන්ගේ විවිධ ප්‍රසංගයට සහභාගි  වූ ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා රජ කලේ දඬුවම් ගැන මෙසේ කිවේය. 

   "  රජකාලේ දඬුවම් කියලා කියන්නේ මේ කාලේ දඬුවම් නොවෙයි. ඒ කාලේ දඬුවම් තේරුම්ගත යුත්තේ ඒ කාලේ පැවති වාතාවරණය තුළ සිටගෙනයි. පුවක්ගස් දෙකක් එකට එක්කොට ගැටගසා එය දෙපැත්තට මුදාහැර දෙකට ඉරාදමන දඬුවමක් අතීතයේ ක්‍රියාත්මක වී තියෙනවා. ඒ වගේ දඬුවම් අපේ රටේ පමණක් නොවෙයි තත්කාලීන යුගයේ කොයි කොයි රටවලත් සමාන දඬුවම් ක්‍රම ක්‍රියාත්මක වී තියෙනවා. ඒ කාලේ රාජද්‍රෝහීන් වුණු අයට ඔවුන්ට පමණක් නොවෙයි, ඔවුන්ගේ පවුල්වලටත් බලපාන අයුරින් තමයි දඬුවම් ක්‍රියාත්මක වුණේ. ඒ එම යුගයේ පැවති සම්ප්‍රදාය "   

 1988 - 89 භීෂණ කාලයේ විමල් වීරවංශලා ගේ මෙහෙයවීමෙන් පුවක්ගස් දෙකක් එකට එක්කොට ගැටගසා එය දෙපැත්තට මුදාහැර දෙකට ඉරාදමන දඬුවමක්  ක්‍රියාත්මක නොකලත් දැලි පිහියෙන් කට කැපීම, ගල් කටස් එකෙන් ඔළුවට  කටට වෙඩි තැබීම , කඩුවෙන් (චන්දය දාන්න ගිය අයගේ) අතපය කැපීම බහුලව ක්‍රියාත්මක විය.   රජ කාලයේ පමණක් නොව   88 - 89 භීෂණ කාලයේ තමන්ගේ මෙහෙයවීමෙන් ද්‍රෝහියන් ලෙස නම් කල අයටත්  ඔවුන්ගේ   පවුල්වලටත් බලපාන අයුරින් දඬුවම් ක්‍රියාත්මක වූ බව කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ සිසුවියන්ට පැවසීමට  විමල් වීරවංශට අමතක විය.