කළුතර විද්‍යාලයේ ගොම කෙස් එකක්.



හර්ෂි සි. පෙරේරා 

කළුතර විද්‍යාලයේ ජාතික පාසලේ මල්කුමාරි නැමැති ගුරුවරියට ගොම බාල්දියක් දැම්මා යයි බොරු චෝදනා කරමින් තම පුතාට දිගින් දිගට පිඩා කරන බවට 39 හැවිරිදි තිදරු මවක් අද 2013.07.31 පොලිස්පතිට , මානව හිමිකම් කොමිසමට, පොලිස් ළමා හා කාන්තා  අපයෝජන නිවාරණ කාර්යංශයට හා ළමා ආරක්ෂක අදිකාරියට පැමිණිලි කළාය. අදාල ශිෂ්‍යාට වයස අවුරුදු 16කි. ඔහුගේ චයාරුපය සහ ඔහුගේ මව කළ ලිකිත පැමිණිල්ල පහතින් දැක්වේ.


01. පොලිස්පති
    නව මහලේකම් කාර්යාලය
    පොලිස් මූලස්ථානය
    කොළඹ 01

02. සභාපති
     මානව හිමිකම් කොමිෂන් සභාව
     අංක 165
     කිංසි පාර
     කොළඹ 08

03. පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය
     අංක 16 
     සුබෝධා ගොඩනැගිල්ල
     පාගොඩ පාර
     නුගේගොඩ

04. සභාපතිනී
    ළමාරක්ෂක අධිකාරිය
    330, තලවතුගොඩ පාර
    මාදිවෙල


ක`ඵතර විද්‍යාලයේ ජාතික පාසලේ, මල්කුමාරි නැමැති ගුරුවරියට
 ගොම බාල්දියක් දැම්මා යැයි, බොරු චෝදනා කරමින්, පුතාව පීඩාවට පත්කිරීම සම්බන්ධයෙන් කරනු ලබන ඉල්ලීම.

..........................................................., අවු: 39 යි, විවාහක, දරුවන් 03 යි.
(ජා.හැ.අ..............)
ලිපිනය: ................................................

2013.07.31 වන දින දීය

............................................................ අවු: 16 යි, (...................) , මාගේ දෙවැනි දරුවා වේ. 

.......................................................පළමු වසරේ සිටම ක`ඵතර විද්‍යාලය, ජාතික පාසලේ, ඉගෙනුම ලබයි. 
දැනට ඔහු 11 ් ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර, මෙම වසරේ දෙසැම්බර් මස අ.පො.ස. (සා/පෙළ* විභාගයට පෙනී සිටීමට නියමිතය.

2013.06.17 වන දින, දවල් 11.00 ට පමණ, ක`ඵතර දකුණ පොලීසියේ, සු`ඵ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිගෙන්, තුණ්ඩුවක් ලැබුනා. ඵක්‍ඍ 1968- 352රැු181 හා ඵක්‍ඍ1972 :13රැු06රැු16* දරන පැමිණිලි වලට අදාලව කටඋත්තරයක් ලබා ගැනීමට 2013.06.18 සවස තුනට පැමිණෙන ලෙසට දන්වා තිබුනා.

එ් අනුව මම, පුතා සමග ක`ඵතර දකුණ පොලීසියේ සු`ඵ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පුෂ්ප කුමාර නිලධාරියා හමු වුනා.

එහිදී, මට එළියට වී සිටින ලෙසට ඔහු දැනුම් දුන්නා. මා එළියේ සිටියා. පසුව පුතා ප‍්‍රකාශ කළා.

”ගිය ගමන් මගෙන් ඇහැව්වා, මිස්ට ගොම ගැහැව්වේ ඇයි කියා, මම ගැහැව්වේ නෑ කිව්වා. ඊට පස්සෙ උඹ තමයි කළේ, කරපු බවට සාක්ෂි තියෙනවා.” කියමින් මට අසභ්‍ය වචනයෙන් බැණ වදිමින්, කව්ද උඹට කරන්න කිව්වේ කියා, නැවත කුණු හරපයෙන් බැන්නා. එසේ මට බැන තර්ජනය කරමින් සිටින විට, මල්කුමාරි නැමැති, පැමිණිල්ල දමන ලද ගුරුවරිය එතැනට ආවා. ඇය එතැනට ආපු ගමන්, මාගේ මාමාව පෙන්නා, මෙයා මට තර්ජනය කළා යයි කිව්වා.

එවිට. ස්ථානාධිපති, පුෂ්පකුමාර, ”උඹ පරයා” යැයි පොලීසිය ඇතුලේ තර්ජනය කරමින් මාමාට ළඟට කතා කොට, ඔහුගේ කොළරයෙන් අල්ලා ඇද බඩට ගැසුවා.

ඔහු එ් සමගම, අම්මාටද බැන්නා. ඔහු කිව්වා ”ගහනවා බැල්ලී තෝව උස්සසලා පොළොවේ” කියා. ඔහු තවදුරටත් කියා සිටියා, ”උඹව ගොම ගැහැව්වා කියා, කූඩුවට දානවා” කියා මාමාට තර්ජනය කළා.

ඊට පස්සේ ඔහු මට කිව්වා, තුණ්ඩුව දීපු පුෂ්පවෙල රාළහාමි වෙත ගොස් කට උත්තරයක් දීපන් කිව්වා.

මම ඔහු ළඟට ගියා. මල්කුමාරි ගුරුවරිය, ස්ථානාධිපති එක්ක කතා කර කර හිටියා.

මම කට උත්තරය දුන්නා. එයට මගෙන් අත්සන් ගත්තා. 

නැවත මාව ස්ථානාධිපති පුෂ්පකුමාරගේ ළඟට කැඳෙව්වා. එ් වෙලාවේත් එතැන මල්කුමාරි ගුරුවරිය හිටියා. ඔහු මට කිව්වා තෝ ගැන, ් 2 ’ හොයනවා. හිතට ගන්න එපා. මෙතනින් ඉවරයි කියලා.

එයින් පසුව, 2013.07.02 දින නැවත, තුණ්ඩුවක් දුන්නා, 2013.07.03 වන දින සවස 2.30 ට, පැමිණ, මූලස්ථාන පොලිස් පරීක්ෂකව මුණගැහෙන්න කියා.

එ් අනුව, 03 වන දින, මම දරුවා රැුගෙන පොලීසියට ගියා. මූලස්ථාන පොලිස් පරීක්ෂක ප.ව. 3.30 ට පමණ ආවා. ඔහු මගේ පුතා සමග ඔහුගේ කාමරයට ඇතුලූ වුනා. පුතා එළියට ඇවිත් කිව්වා, මූලස්ථාන පොලිස් පරීක්ෂක කිව්වා කියා, ”තමුසේ ඔහොම හරියන්නේ නැහැ, වෙන කිට් එකකින් වරෙන්, උඹෙන් ප‍්‍රශ්ණ කරන්න තියෙනවා” කියා. පසුවෙනිදා (2013.07.05* සවස 4.00 ට එන්න කිව්වා කියා.

මම පුතා සමග, එ් වේලාවේම ක`ඵතර පොලිස් අදිකාරී කාර්යාලයට ගියා. 

එහිදී, මාව නිලධාරියෙක් ළඟට යොමු කළා. ඔහුට මා විස්තරය කිව්වා. එවිට, ඔහු ක`ඵතර දකුණ පොලීසියට කතා කොට, විස්තර අසා, ”ප‍්‍රශ්ණ කරන්න එන්න කියන්නේ, දරුවා එක්ක යන්න” කිව්වා. ඔහුත් මගෙන් ප‍්‍රකාශයක් ගත්තේ නැහැ.

2013.07.05 පස්වරු 4.00 ට මා, නීතිඥ මහතෙකු සමග ක`ඵතර දකුණ පොලීසියට ගියා.

එහි යන විට, මූලස්ථාන පොලිස් පරීක්ෂක, හිටියේ නැහැ. මා රැුගෙන ගිය නීතිඥ හිමාෂ මහතා, දැනුම් දුන්නා ”තුණ්ඩුවක්” දීලා තිබුනේ නැහැ, එ්ත් ආවා. එ් බව මූලස්ථාන පොලිස් පරීක්ෂකට දන්වන්න කියා.

2013.07.30 වන දින, දවල් 12.00 ට, පමණ දුරකතනයෙන්, උ.පො.ප. හරේන්ද්‍ර කියා කතා කොට, කිව්වා, සවස 2.30 ට, පැමිණෙන ලෙස.

2013.07.30 මාත්, සැමියාත් ක`ඵතර දකුණ පොලීසියට ගොස් එන්න කියන්නේ කුමකටදැයි විමසා සිටියා. එවිට මල්කුමාරි ගුරුවරිය, පස්වරු 5.30 ට, එනවා, පස්වරු 5.30 ට, අපටත් එන්න කියා දැනුම් දී තිබුනා. 
එ් අනුව මමත්, දරුවාත්, මාගේ සැමියාත්, පස්වරු 5.30 ට ක`ඵතර දකුණ පොලීසියට ගියා. 

එ් අවස්ථාවේ උප පොලිස් පරීක්ෂක හරේන්ද්‍ර, පුතාව ඇතුළට රැුගෙන ගියා. එ් වන විට, මල්කුමාරි ගුරුවරිය, මූලස්ථාන පොලිස් පරීක්ෂක පුෂ්පකුමාරගේ කාමරයේ හිටියා.

පුතා කිව්වා
”උප පොලිස් පරීක්ෂක මගෙන් සිද්ධිය ගැන ප‍්‍රශ්ණ කළා. ටික වෙලාවකට පසුව මගෙන් ඇහුවා,
 ”මිස්ට” එන්න කියන්නද කියා.” මම කමක් නෑ කිව්වා. මිස්ව එතැනට එක්කගෙන ආවා. උ.පො.ප. හරේන්ද්‍ර, මිස්ට කොළයක් දීලා කිව්වා අහන්න  ඕන ප‍්‍රශ්ණ ලියලා දෙන්න කියලා. ”මිස්” ප‍්‍රශ්ණ 48 ක් ලියා දුන්නා. ඇය ලියා දුන්න ප‍්‍රශ්ණ, උ.පො.ප. හරේන්ද්‍ර, මගෙන් ඇහැව්වා. එ් සියල්ල  ”මල්කුමාරි ගුරුවරිය” ඇගේ ජංගම දුරකතනයෙන් පටිගත කළා. එ් සමගම  උ.පො.ප. හරේන්ද්‍ර, එ් සියල්ල පොතක සටහන් කර ගත්තා.

එ් අතර මූලස්ථාන පොලිස් පරීක්ෂක, පුෂ්පකුමාර පැමිණ, මාව ”අත්අඩංගුවට ගන්න කිව්වා.”

ඊට පස්සෙ උප පොලිස් පරීක්ෂක හරේන්ද්‍ර, අම්මාට හා තාත්තාට එන්න කිව්වා. ”මල්කුමාරි ගුරුවරිය අම්මාගෙන් හා තාත්තාගෙන් එක එක දේවල් ඇහැව්වා.”

අවසානයේ මා ඉල්ලා සිටියා වරදක් කරලා තියනවානම්, උසාවි දාන්න කියලා. එවිට ඔහු කිව්වා, අද දින (31 දින* 10.00 ට නැවත එන්න කියලා. මල්කුමාරි ගුරුවරිය කිව්වා තමාට ගොම ගැහැව්වේ පුතා බව මැවිලා පේනවා කියලා. 

ක`ඵතර ජාතික පාසලේ ගුරුවරියක් වන මල්කුමාරි නැමැත්තිය, 2013.06.03 වන දින, යම් පිරිසක් විසින්, ඇය සිය යතුරු පැදියේ යමින් සිටියදී, ගොම බාල්දියක් ඇඟට වැක්කිරීම මුල්කරගෙන, මෙසේ, මගේ පුතාට ක`ඵතර දකුණ පොලීසිය මගින් හිරිහැර කරන බව ප‍්‍රකාශ කර සිටිමි.

මෙම මල්කුමාරි නැමැති ගුරුවරිය, ජනතා විමුක්ති පෙමුණෙන් ක`ඵතර ප‍්‍රාදේශීය සභාවට තරඟ කළ තැනැත්තියෙකි. ඇය දැනට ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්ව ඇත. පුරවැසි අධ්‍යාපන විෂය ඉගැන්වීමේදී, එ් පිළිබඳව ඉගෙන ගන්න කිව්වා. තවද ඇය මට කියා සිටියා, 2013.06.03 දින මට විරුද්ධව කැලෑ පත්තරයක් ගහලා තිබුනා. මම එ් ගැන, විදුහල්පතිවරයාට ලියුමක් දුන්නා. එය බාර ගත්තේ නැහැ. එ් නිසා දවල් 10.00 ට විතර, ක`ඵතර දකුණ පොලීසියට පැමිණ පැමිණිල්ලක් දැම්මා. එ් බව ඉස්කෝලෙ අය දන්නවා.   
     
එ් නිසා තමයි මට, ගොම ගස්සලා තියෙන්නේ, කියා.

මේ සියලූ කරුණු වලින් පෙනී යන්නේ 

පාසල තුල තිබෙන යම් අර්බුදයක ප‍්‍රතිඵලයකින් ඇයට ගොම ගැසීම සම්බන්ධයෙන්, මගේ පුතාව කිසිදු පදනමකින් තොරව, පොලීසිය හා එක්ව පීඩාවට පත්කිරීම නතර කරන ලෙසට ඉල්ලා සිටිමි.

තවද, මේ සම්බන්ධයෙන්, ක`ඵතර ජාතික පාසලේ මල්කුමාරි ගුරුවරිය හා එක්ව මාගේ පුතාව පීඩාවට පත් කළ, ක`ඵතර දකුණ පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක සමන්ත වෙදගේ, සු`ඵ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පුෂ්පකුමාරට එරෙහිව නීතිමය හා විනයානුකූල පිවර ගන්නා ලෙසයි. එමෙන්ම මාගේ පුතාට ආරක්ෂාව සලසා දෙන ලෙසටද ඉල්ලා සිටිමි.   

.....................................................................................................