ඔබාමාගේ උවමනාවට සිරගත කල යේමන මද්‍යවෙදියා නිදහස්.



හර්ෂි සි. පෙරේරා 

ඔහු නමින් අබ්දුල්ලා හයිඩර් ශ්යිය. ඔහු ඇමෙරිකාව, යේමනයේ සිදුකල ප්‍රහාරයක් හෙළිදරවු කළේය. එම ප්‍රහාරය හේතුවෙන් කාන්තාවන් 14 ක් ළමයි 21 ක් ඇතුළු සිවිල් වැසියන් 40ක් මියයන ලදී. ඔහුව වොෂින්ටනයෙන් යේමන නායකත්වයට ලැබුණු පවුද්ගලික දුරකථන ඇමැතුමක් මත සිරගත කෙරිණි. මේ දුරකථන ඇමතුම ලැබුනේ ඇමෙරිකා ජනාදිපති බැරක් ඕබාමා ගෙනි. 2011 ජනවාරි මස ශයිව වසර 05 කට සිරගත කළේය. මේ වසරේ මැයි මස යේමන් ටයිම් වෙත ලිපියක් ලියමින් ශයි තමාව  සිරගත කිරීමට ප්‍රදාන හේතුව බැරක් ඔබාමා බවට ප්‍රසිද්දියේ චෝදනා කළේය. ශයිගේ සහයට ජාත්‍යන්තර ක්ෂමා සංවිදානය මෙන්ම මද්යවේදීන් ගේ ආරක්ෂාව පිළිබද කමිටුවද විය. 2009 දෙසැම්බර් 17 යේමනයේ සිදුකල මෙම ඇමෙරිකානු ගුවන් ප්‍රහාරය ජනපති ඔබාමාගේ ආඥාව පිට සිදුවූ අතර එයට ටෝමහවක් ක්රුස් මිසයිල සහ පොකුරු බෝම්බ යොදා ගත් බව වාර්තා වේ. දැන් ෂයි ව යේමන බලදාරීන් විසින් නිදහස් කර තිබේ. යේමන වාර්තාකරුවෙක් ප්‍රකාශ කළේ ෂයි සිද්දිය රටේ මද්‍යවේදීන් කෙරෙහි බියකරු බලපැමක් ඇති කල බවයි.