ළමා විවාහ;- යේමන දැරියගේ කතාව වයිරසයක් වේ.



හර්ෂි සි. පෙරේරා 

කාන්තා අයිතිවාසිකම් ගැන කතා කරන විට ගැහැණු දරුවාගේ අයිතීන් අමතක කල නොහැක. එහිදී ළදරු විවාහ පිටු දැකීමට, හා  සමාජයෙන් තුරන් කිරිමට සුවිශේෂී වැදගත්කමක් හිමි වේ. චයාරුපයේ සිටින්නේ 11 හැවිරිදි යේමන ජාතික දැරියකි. එය තමාව අඩු වයසින් කසාද බැද දීමට එරෙහිව කල කතාව වයිරසයක් ලෙස පැතිර ගිය බව වාර්තා වේ. ඇය තමාව අඩූ වයසින් විවාහ කර දීමට වඩා මියයාම හොද බව පැවසුවාය. තවදුරටත් ඇය කියා සිටියේ එවැනි විවාහ කරදිමක් අපරාදයක් බවයි. ඇගේ නම නාඩා අල් අදාල්ය. සවුදි අරාබියට යේමනයෙන් පිටුවහල් කර සිටින පුද්ගලයකු හා විවාහවීමට සිය දෙමාපියන් යෝජනා කිරීමත් සමග ඇය සිය මාමා  කෙනෙකුගේ නිවසට පලා ගොස් ඇත. ඇගෙ පියා රුපවාහිනී නාලිකාවක් ඉදිරියේ පොරොන්දු වුයේ ඇයව වයස අවුරුදු 17 වනතෙක්‌ කසාද බන්දා නොදෙන බවයි. නමුත් ඔහු මෙසේ සිය තීරණය වෙනස් කිරීමට බලපෑ හේතුව කියා සිටියේ නැත.