නාදුනන මැර කණ්ඩායමක් අගුලාන දේවස්ථානය වනසා දමති .


 කිංස්ලි කරුණාරත්න 

පසුගිය ජුනි මස පස්වැනිදා රාත්රියේ කොළබ අගරදගුරු පදවියට අයත් රාවතාවත්ත මිසමේ අගුලාන ශුද්දවූ ප්රැන්සිස් ෂේවියර් කතෝලික දේවස්ථානයට බලෙන් ඇතුළුවූ නාදුනන මැර කන්ඩායමක් ශුද්දවූ අල්තාරයට ඇතුළුවී , දිව්ය සත්ප්රසාද වහන්සේ වැඩ වසන මංජුසාව බලෙන් කඩා බිද ,එතල තිබුණු දිව්ය සත්ප්රසාද පුප වලට බුමිතෙල් වත්කර ගිනි තැබීමට උත්සාහ කර ඇත . බුමිතෙලබුමිතෙලෙන් පෙගුනු ඇවිලුණු ගිනිකුරු තිහකට වඩා මෙම මංජුසාවේ තිබී සොයා ගනු ලැබුවත්,දිව්ය සත්ප්රසාද පුප එකක්වත් ආශ්චර්යකට මෙන් ගිනි ගෙන නැත . 

තවද මොවුහු වසර 143 කට වඩා පැරණි මෙහි මුල් දේවස්ථානයට අයත් ඓතිහාසික ප්රකතිමා රැසක්ද දේවමාතා ප්ර තිමාද කඩ බිද දමා ඇත . තවද මොවූන් දේවස්ථානයේ ශබ්දවාහිනී පද්දති සම්බන්දතා වලටද හානි කර ඇත .මෙම සිද්දිය දැක දේවස්ථානයේ සන්ක්රිස්තියන් තැන ප්ර දේශයේ ජනතාව දැනුවත් කිරීම සදහා එහි සීනුව නාද කර ඇත . මීසම්පති ක්රි්ස්ටෝ විරාජ් ප්ර්නාන්දු පියතුමා සහ සහකාර මීසම්පති කසුන් ප්රකනාන්දු පියතුමාද මිසම්වාසින්ට සන්සුන් වන ලෙස ආයාචනා කළ අතර දිව්යන සත්ප්රහසාද වහන්සේට සිද්ධ කල අනර්ථ සැලකීම වෙනුවෙන් සහ දෙවියන් වහන්සේගේ ගෘහයට කළඅවමානයවෙනුවෙන් දෙවියන් වහන්සේගෙන් ක්ෂමාව දානය කරන ඉල්ලා යාච්ඤා මෙහෙය පවත් වන ලෙසද ඉල්ලා සිටියහ. 

 දැනට අති උතුම් කාදිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන්ගේ උපදෙස් පරිදි දිව්යහ සත්ප්ර සාද වහන්සේ දේවස්ථානයෙන් ඉවත් කර ,වැඩිදුර මෙම සිද්දිය ගැන වැඩිදුර පරීක්ෂණ පැවැත්විම සදහා දේවස්ථානය වසා දමා තිබේ. දෙවියන් වහන්සේගේ ගෘහයට කරණ ලද අනර්ථ සැලකීම නිසා දේවස්ථානය නැවත විවුර්ත කිරීමට පෙර කාදිනල් හිමිපාණන් අතින් විශේෂ මෙහෙයක් පැවැත්වීමටද නියමිතය . 

අගුලාන පොලිසිය ,විශේෂ කාර්ය බලකායද සමග සිද්දිය ගැන පරීක්ෂණ පවත්වන අතර දේවස්ථාන පරිශ්ර්යට ආරක්ෂාවද සපයා ඇත තවද මෙදිනම යාපනය ප්රිදේශයේ පාසියූර් මිසමේ පිහිටි මානියන්තෝට්ටම් හි ඉදි කර තිබු ශ්රීර හර්ද ප්රාතිමාවද කඩ බිද දමා ඇති බව යාපනයෙන් වාර්තාවේ .