ලොව වයස්ගතම මිනිසා වයස අවුරුදු 116 දී මිය යයි.



හර්ෂි සි. පෙරේරා

ඔහු හිටපු තැපැල්කරුවෙකු මෙන්ම ගොවියෙකි. ඔහු ජපන් ජාතික ජිරෝමන් කිමුරාය. ලොව වයස්ගතම මිනිසා වූ ඔහු මියයනවිට වයස අවුරුදු 116 කි. හෙතෙම බටහිර ජපානයේ කියටෝ වල ජිවත් විය. ගිය බදාදා නියුමෝනියා රෝගයෙන් හෙතෙම මිය ගියේය. එනම් සුවාබාවික හේතුන් මතය. හෙතෙම ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් ලෝක වාර්තා පොතටද ඇතුලත්වී තිබිණි. ඔහු ඉපදුනේ 1897 දිය. එනම් අහස්යත්රිකයා ඇමිලියා ඊයෙහර්ට් ඉපදුන වර්ෂයේ සහ වික්ටෝරියා රැජින දියමන්ති ජුබිලිය සැමරු වර්ෂයේදීය. ඔහුට දරුවන් 07ක් මුණුපුරන් 14 ක් එම මුණුපුරන්ට දරුවන් 25 ක් ඔවුන්ට දරුවන් 15 ක් ද සිටි. මීලගට ලොව වයස්ගතම පුද්ගලයාද ජපන් ජාතික කාන්තාවකි. ඇයට මාර්තු 05 වැනිදාට වයස අවුරුදු 115ක් සපිරිණි. ඇය ඔසාකා හි ජිවත් වන මිසාවෝ ඔකාවාය. ජපානයේ සියවස් හැවිරිදි පුද්ගලයින් 50,000 කට වඩා ජිවත් වන බව 2011 ආණ්ඩුවේ දත්ත වලින් හෙළි වී ඇත.