පින්තුරයක කතාව



අමිල ගුණරත්න

 බෝවත්තේ ඉන්ද්‍රසාර නමැති භික්ෂුවක් මහනුවර දළදා මාලිගය ඉදිරිපිටදී සිරුරට පෙට්‍රල් දමා ගිනි තියා ගත්තේය. විරෝධතාවන් උදෙසා දිවි නසා ගැනීම බුදු දහමේ උගන්වා නැත. එම නිසා මෙම ක්‍රියාව බුදු දහමට පටහැනි ක්‍රියා පිළිවෙතකි. මෑත කාලයේදී තලිබාන් පන්නයේ වත් පිළිවෙත් බුදු දහමට එකතු කිරීමට අන්තවාදී පුද්ගලයන් තැත් කරති. දේශපාලනික සහ වෙනත් ආර්ථික වාසි සඳහා මෙන්ම තමන් තුල පවත්නා සමාජ වයිරය පිට කිරීමටද මොවුහු අන්තවාදය යොදා ගනිති. බුදුන්ගේ දහම විකෘති කරමින් මොවුන් සිදු කරමින් සිටින්නේ සමාජ වියසනයකි. මෙම වියසන පාලකයන්ට ජනතා අවධානය වෙනතකට යොමු කිරීම ලැබී තිබෙන ආශීර්වාදයක් වුවත් අවසානයේදී එය ඔවුනටද පාරාවළල්ලක් වනු ඇත. ඒ සඳහා උදාහරණ අවශ්‍ය නම් ඇෆ්ගනිස්ථානය දෙස බලන්න.