වේටරු


ආරියවංශ රණවීර

(කවි බූන්දි  [0] බූන්දි| බදාදා, මැයි 15, 2013| 00:51:43)
 වේටරු හිඳිති 
සුදු ඇඳන් 
කළු මහත 
පටි බැඳන් 
 ඇසෙන 
නෑසෙන
 දුරින් 
අප දොඩන
 පෙම් බස් 
අසමින්
 නොඅසමින්
 හිටිපිය 
එක්වරම 
පෙරට ගෙන 
පැමිණ 
පුරවති හිස් බඳුන්
 ගෙන දෙති 
රස බොජුන්
 සිටිති 
නොඇළෙන 
සුළඟ පරිද්දන්
 අප නැගිට
 යනවිට 
ගනිති
 අප සිටි අසුන් 
වෙන අනෙක් පෙම්වතුන් 
වේටරු එති 
ගැවසෙති උන් වටා
 හිටිපිය එක්වරම
 පෙරට ගෙන
 පුරවති හිස් බඳුන් 
ගෙන දෙති 
රස බොජුන් 
 සිටිති නැවතත් 
ඇසෙන නෑසෙන දුරින් 
 උන් දොඩන 
 පෙම් බස් අසමින්
 නොඅසමින් 
 නොඇළෙන 
සුළඟ පරිද්දෙන් ("කණිකා'' කවි සරණියෙන්) Ariyawansha Ranaweera | ආරියවංශ රණවීර