ලේ ගංගා ගලන ජාති වාදයකට අවැසි සරු බිජ අඩු මිළට ලංකාවේ

  මේ මොහොත ලංකාව තුල කෘතීම ලෙස ශිත කල සාම කාමිත්වයක් දක්නට ලැබේ. දශක තිහක යුද්දයේ අමිහිරි රිදවිම් අවකාශයට මුදා හැරී නමුත් ඒ රිදවිම් වලින් ලබන පහත් සතුටට ලොල් වුවන් එය නැවත ගෙන්වාගෙන තිබේ. සත්‍ය ලෙසම ලංකාව බහු සමාජ ලක්ෂණ වලින් පිරි රටකි (ඇතැම් සිංහල ජාතිවාදීන් ඒ සරල දෙය පවා ප්‍රතික්ෂේප කරයි). ලංකාව තුල ඉතිහාසයේ සිටම විවිධ ජාතින් විවිධ භාෂා කථාකරන ජනතාව ජිවත් වූ බවත් ජිවත් වන බවත් තවත් සත්‍යකි. මේ අයුරින් එකම මානව සමාජයක් තුල විවිධ ජාතීන්ට අයත් විවිධ භාෂා කතාකරන ජනතාවක් සිටින විට එකිනෙකා  අතර නොගැලපීම් හට ගැනිම සාමාන්‍ය තත්වයක් වන අතර මේ නොගැලපීම් පදනම් කරගෙන මානව කේන්ද්‍රණවාදී අදහස් ඔවුනොවුන් තුල ඇති වේ.  ඒ අනුව මෙම මානව කේන්ද්‍රණවාදී අදහස් හේතුවෙන් සංස්කෘතික ගැටුම් ඇතිවිම දක්නට ලැබේ. ලංකාව තුල ඇති වූ ජනවාර්ගික ගැටුමද  සංස්කෘතික ගැටුමේ ප්‍රතිපලයක් වේ.
 
         ලංකාව විෂයෙහි මේ කරුණු වඩාත්ම  ප්‍රායෝගික වේ. මේ මොහොතේ රට තුල ඇති තත්වයද ජාතිවාදී යුධයේ මුල් සරු බිජද  අතර වර්තමානය සුසංගත වේ. ඒ අනුව ඕනෑම මානව සමාජයක සංස්කෘතික ගැටු
ක් ඇති විමට බලපාන සාධක කිහිපයක් හදුනා ගත හැකිය. එනම් ,
# පුර්ව මතය හා සැකය
#අදිපති වාදී  මානසිකත්වය
#මානව  කේන්ද්‍රණ වාදය ( තමන්ගේ සංස්කෘතිය උසස් ලෙස සැලකීම)
#නොසලකා හරිම
#ඉච්චා භංගත්වය කළහ කාරිත්වය 

 
          බීජයකින් පැලයක්  පෝෂණය විමට යම් සේ ඒ අවශ්‍ය සාධක සම්පුර්න වේද එම බිජයේ රෝපණය මනාව පල දරයි. මේ තත්වය තුල ජාතිවාදී  ගැටුමට අවශ්‍ය සරු සාධක රටතුල කොතෙක් දුරට බිහිකරමින් තිබේද. කෙසේ වුව මේ සියල්ල අවසන වන්දි ගෙවිය යුතු වන්නේ ඔබේ රුදිරයෙනි ඔබේ ආදරණිය පුතාගේ දියණියගේ සෙනෙහෙබර ඥාතියාගෙ අසල්වැසියාගේ රු
දිරයෙනි මේ නිසාම ඔබේ හැසිරීම කොතෙක් දුරට ජාතිවාදීන්ට සමීප වේද එය මත සියල්ල තීරණය වනු ඇත.

අජන්ත ඉලෙපෙරුම