ත්‍රීවිලර් වලට පොලිසිය පොලු තැබීම - කිත්සිරි දර්මවර්දන නඩුව.



හර්ෂි සි. පෙරේරා

එස් සි එෆ් ආර් 149/2006 යන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවෙන් ත්‍රීවිලර් වල ගොස් මුදල් නොගෙවීමේ පොලිසියේ කැත පුරුද්දත් ත්‍රීවිලර් රියදුරකුට ඇල්පිටිය පොලිස් අබ්යාස විද්‍යාලයට අනුයුක්ත පොලිස් නිලදාරීන් විසින් අමානුෂික ලෙස වදහිංසා පමුණුවා ශේෂ්ට්‍රදිකරණය ඉදිරියේ වරදකරුවන් වී වන්දි ගෙවීමට සිදුවීමත් සාකච්චා වේ. පෙත්සම්කරු කිත්සිරි දර්මවර්දනය. 2006 මාර්තු 25 පොලිස් නිලදරියගේ ඉල්ලීම පරිදි හයර් එක යාමට කිත්සිරිට නොහැකි විය. එහි ප්‍රතිපලය වුයේ 2006 මාර්තු 27 දින ත්‍රීවිලර් රථ ගාලේදී දෙවරක් කිත්සිරි පොලිසියේ මැර ප්‍රහාරයට ගොදුරක් වීමය. ඉන්පසුව ඔහුව ඇල්පිටිය පොලිස් අබ්යස විද්‍යාලයටත් එතනින් ඇල්පිටිය පොලිස් ස්ථානයටත් ගෙන යන ලදී. පසුව කිත්සිරිව ඔහුගේ මවට බාර දෙන ලදී. ඔහුගේ තත්වය බරපතල වූ බැවින් පළමුව ඇල්පිටිය දිසා රෝහලට ඇතුලත් කර එතනින් කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර හරින ලදී. හෙතෙම 2006.03.28 සිට 2006.04.06 දක්වා කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත් අතර අදිකරණ වයිද්‍ය නිලදාරී විසින් පරික්ෂා කරනු ලැබිණි. ඔහුට අත් වලින් සහ පොලු වලින් පහරදී ඇති බව එම අදිකරණ වයිද්‍ය වර්තාවෙන්ද තහවරු විය. 2006.04.06 දින ඔහු මානව හිමිකම් කොමිසම ඇතුළු අදාල බලදාරීන්ට පැමිණිලි කර තිබුණි. මෙම නඩුවේදී පොලිසිය සිය බලය අයුතු ලෙස බාවිතා කර ඇති බවත් ඔවුන් රටේ නීතියට යටත් බවත් ගාස්තු ගෙවීම පැහැර හැරිය නොහැකි බවත් තීරණය කෙරිණි. තව දුරටත් ප්‍රකාශ කෙරුනේ නිතිය ක්‍රියාත්මක කරන නිලදාරීන් ආදර්ශයක් විය යුතු බවය. මෙහිදී පෙත්සම්කරුගේ එනම් කිත්සිරිගේ නිතිය ඉදිරියේ සමාන රැකවරණය හිමිවීම සහ මුලික අයිතිවාසිකම් උල්ලංගනය වී ඇති බව තීරණය කෙරුණු අතර පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහලම නිලදාරියට ඔහුට රුපියල් 25,000/= ක වන්දි මුදලක් ගෙවීමට නියම විය.

http://www.janasansadaya.org/page.php?id=122&lang=en

05- 149-2006x.pdf