AI WEIWEI ; NEVER SORRY



හර්ෂි සි. පෙරේරා

 මෙය චීනයේ කලාකරුවකු මෙන්ම ක්රියදරයකු වූ අයි විවි ගැන 2012දී නිපදවූ වාර්තා චිත්‍රපටියකි. අද්යක්ෂණය ඇමෙරිකන් චිත්‍රපටි සදන්නෙකු වූ අලිසෝන් ක්ලේමන්ගේය. එය ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වුනි. අද්යක්ෂකවරියට අයි විවි ප්‍රථම වරට මුණගැසුනේ 2008 දෙසැම්බර් මස චීනයේ බෙජින් අගනුවරදීය. චිත්‍රපටිය සැදෙන්නේ 2011 වසන්ත ඍතුවේ අයි විවි චීන බලදාරින්ගේ අත්අඩංගුවෙන් නිදහස්වූ වටාපිටාව ඔස්සේය. ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවේ හොන්කොන් බලා යාමට නියමිතව බෙජින් ගුවන්තොටුපොළේ සිටියදීය. පොලිසිය ඔහුට වදහිංසා පමුණුවනු ලැබිය. චීන ආණ්ඩුව ෂැන්හයි හි පිහිටි ඔහුගේ ඩොලර් බිලියන ගණනක් වටිනා චිත්‍රාගාරය විනාශ කර දැමීමට කටයුතු කරන ලදී. ඔහුගේ මුහුණු පොත බලදාරීන් විසින් වසා දැමිණි. ඉන්පසු අයි විවි ටුවිටර් සමාජ මාද්යට පිවිසි අතර අන්තර් ජාලයේ සැරිසරන්නෙකුට එය තවමත් දැක බලා ගත හැකිය. මෙය මානව හිමිකම් සම්බන්දයෙන් වැදගත්වූ වාර්තා චිත්‍රපටියකි. ඉංග්‍රීසි උපසිරසි සහිතය.

 http://vimeo.com/18018860