බොරු නඩු දැමීමේ උත්සාහය නතර කරමු.



හර්ෂි සි. පෙරේරා

48 හැවිරිදි රණරාජ් මෙත්තානන්ද විවාහක තිදරු පියෙකු වන අතර වුර්තියෙන් වඩු කර්මිකයෙකුද වේ. 55/12 අර්නස්ට් පෙදෙස, ලක්ෂපතිය, මොරටුවේ පදිංචිකරුවෙකි. හෙතෙම 2013.04.24 දින මෙම මානව හිමිකම් කඩවීම මානව හිමිකම් කොමිසමට සහ පොලිස්පතිට ලිකිතව පැමිණිලි කරන ලදී. 2013.04.23 වන දින රාත්‍රී 8.30 ට පමණ ඔහුගේ බිරිදව අත්අඩංගුවට ගැනීමට අගුලාන පොලිසියේ නිලදාරීන් උත්සහ දරා තිබේ. ඒ අවස්ථාවේ කාන්තා පොලිස් නිලදාරිනියක් සිට නැත. ඒ කසිප්පු ජාවාරම් කිරීම සම්බන්දවයි. ඇය පොලිසියට යාම ප්‍රතික්ෂේප කර තිබේ. ඉන්පසු රණරාජට පසුදින උදේ 8 ට පොලිසියට එනලෙස දැනුම් දී පොලිස් නිලදාරීන් පිටව ගොස් ඇත. රණරජා මිට පෙර කසිප්පු ජාවාරමේ නිරත වී ඇත. දැන් නැත. ඔහු තමන් නඩු ගණනාවකට වැරදිකරු කියා දඩ ද ගෙවා ඇති අතර වරද නොකළ නඩු කිහිපයකට නිවැරදිකරු බව කියා තිබේ. ඔහු පවසන ආකාරයට අඟුලාන පොලිසිය මේ උත්සහ කරන්නේ ඔහුට විරුද්දව තවත් වියාජ නඩුවක් පැවරීමටයි. ඔහු ඉල්ලා සිටින්නේ එම උත්සාහය වලක්වන ලෙසයි. මිට ආසන්න සිද්දිය නම් 2013.04.05 හෝ අසන්න දිනක නීතිවිරෝදී මත්පැන් අලෙවි කල ත්‍රිරෝද රථයක් අනතුරට පත්‍ර වී ඇති අතර පුද්ගලයින් දෙදෙනෙක් සහ මත්පැන් බෝතල් සියයක් අත්අඩංගුවට ගෙන ඇති අතර එක පුද්ගලයෙක් බෝතල් 90 ක් සමග අදිකරණයට ඉදිරිපත් කර දඩ ගසා තිබේ. දැන් අගුලාන පොලිසිය උත්සහ කරන්නේ ඉතිරි බෝතල් සදහා රණරාජා අත්අඩංගුවට ගෙන වියාජ නඩු පැවරීමටයි.