පර්සි රාජපක්‍ෂගේ ආණ්ඩුවේ මන්ත්‍රීන් මිනිමරති, හොරකම් කරති, කුඩා දැරියන් දුෂණය කරති, ඒ මතුද නොව විශාල පරිමාණ මත්ද්‍රවය වෙළෙන්ධන්ද වේ. මහා වේදිකා ඉදිරිපිට සිට පෙන්වන ළමා සෙනෙහසේ හොරිකඩ හෙළුව රාජපක්‍ෂගේ ක්‍රියා තුලින් තහවුරු වන අතර මේ අද lanka truth වර්තා කල පුවතකි.
දොලොස් හැවිරිදි දැරියක කෙළෙසීමේ චෝදනාවට මහරගම නගර සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී සමන් පද්මසිරි සේනාධීර මහතා ඊයේ (31) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.
එම
දැරිය මන්ත්‍රීවරයාගේ අනියම් බිරිය බව කියන කතකගේ දියණියක් බවත් එම
සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහා පසුගිය 25 වැනිදා සිට සොයමින්
සිටි ඔහු නීතිඥයකු මාර්ගයෙන් පොලසියට බාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් බව
පොලිස් ආරංචිමාර්ග පවසයි.
සන්ධාන මන්ත්‍රීවරයා අද (01) උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.