අද සිටින්නේ බුද්ධාගම බේරා ගැනීමට කියා පොලු මුගුරු අරගෙන එන්නේ සාමනේර කාලයේ වැඩිහිටි භික්ෂුන්ගේ ලිංගික අපයෝජනයට ලක් වීම නිසා සමාජයට වෛර කරන සිවුරුකාර මැරයන් වෙති. ගල් ගැසීමට උද්ඝෝෂණය කිරීමට මොවුන්ව පාරට දැක්කීම ඉතා පහසු වැඩකි. ඕනෑම අන්තවාදී වියාපාරයකට මොවුන් පහසු අතකොළු වේ.
ශ්‍රී ලංකාව අර්ධ වනචාරී පසුගාමී ගෝත්‍රික රාජ්‍යක් බවට අප විසින් කල හැඳින්වීමට සමහරු නොසතුට දැක්වුහ. නමුත් මේ වන විට එම වනචාරී දේශය පිලිබඳ අපගේ අර්ථකථනය සත්‍ය වමින් පවතින බව ලංකාවේ මේ වන විට සිදුවෙමින් පවතින තත්වය විශ්ලේෂණය කරන්නෙකුට පැහැදිලි වනු ඇත. ලංකාව යනු අසමත් රජයක් පමණක් නොවේ අසමත් ජාතියකි. මෙහිදී අසමත් ජාතිය ලෙස හඳුන්වන්නේ සිංහල , දෙමල මුස්ලිම් යන ජාතීන්ගෙන් සමන්විතවූ ශ්‍රී ලංකික ජාතියයි. මේ අසමත්භාවයට වග කිව යුත්තේ දේශපාලකයන් පමණක් නොවේ, මේ රටේ ඉදිරි ගමන්කරුවන් වූ , පුජ්‍ය පක්ෂය, කලාකරුවෝ , මාධ්‍යවේදීන් යනාදී සියලුම සංයුතියන්ගෙන් සමන්විත වූ ප්‍රජාවද මේ සඳහා වග කිව යුතුය.
මේ අසමත්භාවයට මුලික හේතුව ලෙස සඳහන් කල හැක්කේ ශ්‍රී ලාංකිකයා තුල ඇති සංස්කෘතිමය අශිෂ්ඨභාවය සහ උසස් සංස්කෘතියක් සහ සභ්‍යත්වයක් ගොඩනැගීමේ ලා ඇති අසමත් භාවයයි. වර්තමාන ලෝකයට අනුරූපී වන ලෙසට උසස් සංස්කෘතියක් සහ සභ්‍යත්වයක් ගොඩනැගූ ජාතින් විද්‍යාව, තාක්ෂණය , කලාව , අධ්‍යාත්මික වර්ධනය පෙරදැරිකරගෙන ඉදිරියට ගමන් කිරිමත් ශ්‍රී ලංකිකයා තව දුරටත් පහතට වැටිමේත් රහස එයයි. අතීත ශ්‍රී විභූතිය අනුරාධපුර යුගයේ ගල්කණු ගැන කතා කලාට වැඩක් නැත. රාවනා යුගයෙක් ගැන කියමින් ප්‍රවාද ගෙතුවාට වැඩක් නැත. වර්තමානයේ ශ්‍රී ලංකාවේ උසස් සංස්කෘතියක් හෝ සභ්‍යත්වයක් නොපවතී. ශ්‍රී ලංකාව අර්ධ වනචාරී පසුගාමී ගෝත්‍රික රජයක් බවට පරිවර්තනය වී හමාරය. මේ රට සංස්කෘතිමය වශයෙන් දැන් වඩාත් කිට්ටු සෝමාලියාව ඇෆ්ගනිස්ථානය වැනි පසුගාමී ගෝත්‍රික රටවල්වලටය.
ලංකාවේ
සංස්කෘතික පරිහානිය ආරම්භ වන්නේ ශ්‍රී ලංකාවේ ජාතීන්ට සභ්‍යත්වය පිළිබඳව
මුලික උපාංග ඉගැන්වූ ඉංග්‍රීසි ජාතිකයන් පිටමන් කොට නිදහස ලබා ගැනීම සඳහා
කල බොරු නිදහස් සටන ආරම්භයත් සමගය. මෙය බැලූ බැල්මට සහාසික දේශද්‍රෝහී
ප්‍රකාශයක් ලෙස පෙනුනද මෙහි බරපතල සත්‍යක් තිබේ. අතීතයේ බ්‍රිතාන්‍ය
ජාතිකයන් කොළ අතු ඇඳි යුගයේ ලාංකිකයා වාරි තාක්ෂණය බිහි කල බවට කියමින් වංස
කබල් ගෑමක් කලද යුරෝපයේ තාක්ෂණික විප්ලවය ඇරැඹෙන සමය වන විට ලංකාව
නුගත්කම දරිද්‍රතාව සපිරි අඳුරු රටක් විය. ඒ හේතුව නිසා බටහිර ජාතීන්ට
ලංකාව ආක්‍රමණය කල හැකි විය. බටහිර ජාතීන්ට කරට කර සටනක් දුන් තායි දේශය ඒ
වන විට ලංකාවට වඩා සංස්කෘතික වශයෙන් සහ තාක්ෂණික වශයෙන් ඉදිරියෙන් සිටීම
හේතු කොට ගෙන බටහිර ජාතීන්ට තායිලන්තයේ රාජ්‍ය බලය පහර ගැනීමට නොහැකි විය.
ලංකාව යටත් කරගත්තද සුද්දා ලංකාවේ ආර්ථිකය බල ගන්වන තේ වතු, මංමාවත් දුම්රිය මාර්ග තනමින් සංවර්ධනයක් ඇති කළේය. ආසියාවේ මුල්ම තැපැල් සේවය පවා ලැබුනේ ලංකාවට වීම විශේෂත්වයකි. බ්‍රිතාන්‍ය පාලනය යටතේ සිදුවූ හානි ද තිබේ. නමුත් ලංකාව ලෝක ශිෂ්ඨාචාරය වෙත ගෙන ගිය ඉනිමග වූ බ්‍රිතාන්‍ය පාලනය වෙනුවට ස්වදේශීය බල ලෝභීන් ආදේශ කිරීමට යාමෙන් ලංකාව වැඩ වරද්දවා ගත්තේය. බ්‍රිතාන්‍යන් ඉවත්ව යාමෙන් මුල් වටයේ ලංකාව පාලනය කලේ සංස්කෘතික සහ සමාජමය වශයෙන් බ්‍රිතාන්යන්ට යම් ප්‍රමාණයකට සම වූ ඩී එස් කොතලාවල,බණ්ඩාරනායක වැන්නවුන් වුවත් කාලයාගේ ඇවෑමෙන් අශිෂ්ඨ හරක් හොරු පවා ලංකාවේ පාලනයට අවතීර්ණ විය. මේ වන විට ලංකාවේ දේශපාලනය ගං කබරයන් විසින් අතික්‍රමණය කොට හමාරය. සුද්දාට විරුද්ධ අපගේ සමහරක් ගං කබරයන් රටේ ඉරණම පාලනය කිරීම ගැන කතා කරන්නේ නැත. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට ලංකාවේ දැන් වර්ධනය වන්නේ වැඩවසම්වාදයයි. නමුත් ලංකාවේ ජනතාව තුල තිබෙන සංස්කෘතිමය පසුගාමී බව නිසා ඔවුන්ට ඒ ගැන විරෝධයක් නැත.
ලංකාව යටත් කරගත්තද සුද්දා ලංකාවේ ආර්ථිකය බල ගන්වන තේ වතු, මංමාවත් දුම්රිය මාර්ග තනමින් සංවර්ධනයක් ඇති කළේය. ආසියාවේ මුල්ම තැපැල් සේවය පවා ලැබුනේ ලංකාවට වීම විශේෂත්වයකි. බ්‍රිතාන්‍ය පාලනය යටතේ සිදුවූ හානි ද තිබේ. නමුත් ලංකාව ලෝක ශිෂ්ඨාචාරය වෙත ගෙන ගිය ඉනිමග වූ බ්‍රිතාන්‍ය පාලනය වෙනුවට ස්වදේශීය බල ලෝභීන් ආදේශ කිරීමට යාමෙන් ලංකාව වැඩ වරද්දවා ගත්තේය. බ්‍රිතාන්‍යන් ඉවත්ව යාමෙන් මුල් වටයේ ලංකාව පාලනය කලේ සංස්කෘතික සහ සමාජමය වශයෙන් බ්‍රිතාන්යන්ට යම් ප්‍රමාණයකට සම වූ ඩී එස් කොතලාවල,බණ්ඩාරනායක වැන්නවුන් වුවත් කාලයාගේ ඇවෑමෙන් අශිෂ්ඨ හරක් හොරු පවා ලංකාවේ පාලනයට අවතීර්ණ විය. මේ වන විට ලංකාවේ දේශපාලනය ගං කබරයන් විසින් අතික්‍රමණය කොට හමාරය. සුද්දාට විරුද්ධ අපගේ සමහරක් ගං කබරයන් රටේ ඉරණම පාලනය කිරීම ගැන කතා කරන්නේ නැත. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට ලංකාවේ දැන් වර්ධනය වන්නේ වැඩවසම්වාදයයි. නමුත් ලංකාවේ ජනතාව තුල තිබෙන සංස්කෘතිමය පසුගාමී බව නිසා ඔවුන්ට ඒ ගැන විරෝධයක් නැත.
ලංකාවේ
බහුතරයක් ජනතාව නුගත්ය. මෙහිදී නුගත්කම යනු සාක්ෂරතාව නොවේ. ජනතාව තුල ඇති
විචාර බුද්ධියේ හීන බව විශ්ලේෂණාත්මකව සිතීමට ඇති නොහැකිභාවය නුගත්කම ලෙස
අර්ථ දැක්විය හැක. ලංකාවේ විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් අතර පවා පවතින
විචාර බුද්ධියේ හීන බව ආසනික් විවාදය වැනි විවාද තුලින් පෙනේ. එසේම
දොරමඩලාව වැනි වැඩසටහන් වලදී පවා ලංකාවේ බුද්ධිමතුන් යැයි කියාගන්නා
පඬිවරු විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරු කරන අවිද්‍යාත්මක නූගත්
ප්‍රලාප සලකා බැලීමේදී මුළු ලංකාව පුරා මේ නුගත්කම විහිදී පවතින බව පෙනී
යයි.
නවීන
සංස්කෘතියක් සභ්‍යත්වයක් නොමැති ලංකාව වැනි නොදියුණු බහුතරය නුගතුන්ගෙන්
සමන්විත වූ රටක් මැකාවු ,පොඩරිකා වැනි රටවල් කලාක් මෙන් දියුණු ජාතියක් සමග
බද්ධ වී ඉදිරියට යාම වෙනුවට බැරි මරගාතේ නරිවාදම් තුලින් තනියෙන්
හිතුවක්කාර ගමනක් යාමට ගොස් මේ වන විට අන්තර්ජාතිකවද හුදකලා වී සිටියි.
දැන් අපට බද්ධ වීමට සිදු වී ඇත්තේ ලංකාව වැනිම ගෝත්‍රික රටක් වූ
ස්වාසිලන්තය සමගය.
මේ
වන විට අසංස්කෘතිය ලංකාවේ සෑම සමාජය ස්ථරයක්ම විනාශකරගෙන පැතිර ගොස්
තිබේ. ලංකාවේ පාර්ලිමේන්තුව යනු යනු උත්තරීතර ආයතනයක් නොවේ. එහි වැඩිපුර
සිටින්නේ මිනීමරුවන්, කසිප්පුකාරයන්, නුගත් මැරයන් වැනි පාදඩයන් පිරිසකි.
පාදඩයන් තමන්ගේ ජනතා නියෝජිතයන් ලෙස ජනතාව පත් කර ගත්තේ ලංකාවේ ජනතාව තුල
සංස්කෘතිමය වශයෙන් ඇති පසුගාමී බව නිසාය. ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන බලන්න.
එහි සංස්කෘතියක් විනයක් සභ්‍යත්වයක් තිබේද? ලංකාවේ විශ්ව විද්‍යාල යනු
සංස්කෘතිමය වශයෙන් නුගතුන් පරපිඩකයන් , පාදඩයන් ආණ්ඩුවේ මුදලින් බිහි කරන
ආයතන වේ. ලංකාවේ උගතුන් සිටද ? සිටින්නේ බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක්
බව පුන පුනා කියන එහෙත් බටහිර විද්‍යවේ පිහිටෙන් වැටුප් ලැබූ, බටහිර
විද්‍යවේ පිහිටෙන් බිහි කල රූපවාහිනිය ඇතුළු මාධ්‍ය වලින් තම ගර්හිත
පසුගාමී මතවාද ඉදිරිපත් කොට තරුණයන් අතරමං කරන නලින් ද සිල්වා වැන්නවුන්ය.
(බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් බව කීවද නලින් ද සිල්වා තම දරුවන්
අධ්‍යාපනය සඳහා පිරිවෙන් වලට යැව්වේ නැත යැව්වේ පට්ටපල් බොරු උගන්වනවා කියන
බටහිර විශ්ව විද්‍යාල වලටය. එය වෙනම කතාවකි. )
මේ
රටේ අදීන කලාකරුවන් නැත ඉන්නේ සෝමේ අයියලා , ජැක්සන්ලා , සුනිල්
අරියරත්නලා වැනි වැල යන අතට මැස්ස ගසන කලා වියාපාරිකයන්ය. මොවුන් මේ රටේ
ජන මනස සැදුවේ ඉදිරිගාමී ගමනක් යාම වෙනුවට ලංකා ප්‍රජාව තව තවත් පසුගාමී
කිරීමටය. ඔවුන්ගේ මල්ල පිරුණු නමුත් මේ කලා වියාපාරිකයන් ලංකික ප්‍රජාව තව
තවත් අඳුරට තල්ලු කර දැමුහ.
ජනතාවට
අධ්‍යාත්මික වශයෙන් මාර්ගෝපදේශනයක් දීමට අපගේ ආගමික සංස්ථා සමත් ද ?
ලංකාවේ වැඩිපුර සිටින්නේ තමාගේ ආගමික පොතෙන් එහාට සිතීමට නොහැකි වූ මානව
හැඟීමක් නොමැති මුලධර්මවාදී පුජකයන් පිරිසකි.
අධ්‍යාත්මික
නායකත්වයක් දීමට අද දිනයේ පන්සලට නොහැක. ධර්මය ගැන ගැඹුරු දැනුමක් තිබු
වල්පොල රාහුල වැනි යතිවරු වෙනුවට රතනලා, ගලගොඩඅත්තේලා බිහි වී තිබේ. අද
භික්ෂුන්ගෙන් 99% බුදු දහම දන්නේ නැත. හේතුව මොවුන් බොහෝ දෙනෙකු ඉපදුනේ
ඉතා දුගී පවුල් වලය. , අහාර හිඟය නිසා මොවුන්ව පන්සල් වල මහන කල අතර
එවැනි පවුල් පරිසර තුලින් ආ ළමයාගේ බුද්ධි වර්ධනයට
තැනක් නැත. , දෙමාපියන් නුගත්, පියා කසිප්පු බොන අඬදබර කරන පවුල්
පරිසරයක සිටි ළමයා මහන වී ඉගන ගන්නේ පිරිවනකය එහිදී සමබර අධ්‍යාපනයක් නැත
ලෝකය දකින්නේ සීමිත ඉඩකඩ තුලය. මොවුන් , බුදු දහමේ දාර්ශනික හරය දන්නේ නැත.
යන්තම් පන්සිල් ටිකක් දීමේ හැකියාව මිසක විදේශ භාෂා නොදනීම ඉගෙනීමේ
උත්සහයක් නොමැති බව නිසා නිසා මොවුන් තුල බුද්ධි කාන්දුවීමක් විනයක් නැත.
එසේම සාමනේර කාලයේ 80% ළමා භික්ෂුන් වැඩිහිටි මහනුන් අතින් ලිංගිකව
අපයෝජනය වෙති. ඒ නිසා මොවුන් සමාජය සමග සිටින්නේ වයිරකිනි. අද සිටින්නේ
බුද්ධාගම බේරා ගැනීමට කියා පොලු මුගුරු අරගෙන එන්නේ සාමනේර කාලයේ වැඩිහිටි
භික්ෂුන්ගේ ලිංගික අපයෝජනයට ලක් වීම නිසා සමාජයට වයිරය කරන සිවුරුකාර
මැරයන් වෙති. ගල් ගැසීමට උද්ඝෝෂණය කිරීමට මොවුන්ව පාරට දැක්කීම ඉතා පහසු
වැඩකි. ඕනෑම අන්තවාදී වියාපාරයකට මොවුන් පහසු අතකොළු වේ. මෙවැනි විනය සහ
අඩු බුද්ධි මට්ටමකින් ඇති පිරිස් ලංකාවේ අධ්‍යාත්මික නායකයන් බවට පත් වී
සිටීමෙන් පෙනී යන්නේ ලාංකිකයාගේ සංස්කෘතික පසුගාමි බවයි.
ක්‍රිස්තියානි
ආගමේ පුජකයන් ද මිට දෙවැනි නැත. සිටින බහුතරය ළමා අපයෝජකයන් හෝ
ක්‍රිස්තුස්වහන්සේ ධර්මය වෙනුවට මාෆියාවාදය , කොටි ඩයස්පෝරාවේ මුදල්
පසුපස යන මැල්කම් රන්ජිත්ලා, රායප්පුලා වෙති. අද මර්සලින් ජයකොඩි වැනි
පියතුමාලා නැත.
පවත්නා
ආගමික ගැටුම්කාරී බවට මුස්ලිම් පුජකයන් ද වග කිව යුතුය. තලිබාන් අන්තවාදය
දේශනාකරන උලේමලා කාන්තා අයිතීන් පාගා දමති. ආගමික සහජීවනය වෙනුවට
ප්‍රභේධකරණයත් හලාල් වියාපාරිකවාදයක් ගොඩනගාගෙන මගින් මුදල් ගසා කෑමත් ,
නිසා මොවුන් ගැටුම් සඳහා හේතු කරනා සපයා දී තිබේ. අද ලංකාව ආගමික ගැටුම්
ඇති වන ලේ හැලෙන මාර්ගයකට පිවිසි ඇත. අනාගතයේ මේ රටේ ලේ ගංගා ගලා යනු ඇත.
ලංකාව
යනු අසමත් රාජ්‍යක් මෙන්ම අසමත් ජාතියකි. නිදහසින් පසුව ලංකාව කල හැකි
උපරිම දේ වුයේ ප්‍රභාකරන් ගේ මිනීමරු ජාතිවාදී ත්‍රස්තවාදය පැරදීම පමණි.
නමුත් ප්‍රභාකරන් ගේ මිනීමරු ජාතිවාදී ත්‍රස්තවාදය ඇරඹුණේ ජාතීන්ගේ ආවේග
කළමනාකරණයට ලංකාව දැක්වූ අසමත් භාවය නිසා එය නියම ජයග්‍රහණයක් නොවේ. කෙසේ
නමුත් පශ්චාත් යුද කළමනාකරණයේ අසාර්ථකභාවය නිසා ලංකාව යලි වාර්ගික ගැටුමක
යලි 83 ක අභියස සිටියි. පාලකයන් ද තමන්ගේ ආර්ථික කළමනාකරණයේ අසමත්භාවය
නිසා මතු වන ජනතා අසහනය වෙනතක යොමු කිරීම සඳහා නිබඳවම ගෝනි බිල්ලන් මවමින්
ජාතින් අතර ගැටුම් නිර්මාණයට උඩගෙඩි දෙමින් සිටිති. මෙය පාලකයන්ට තාවකාලික
සුවයක් ගෙන දෙන්නක් වුවද ලංකාවට දිර්ඝකාලින වශයෙන් අතිශයින්ම හානිය ගෙන
දෙන්නකි. මෙවැනි අදුරදර්ශී වැඩ නිසා ලබන සියවසත් අප අර්ධ වනචාරී පසුගාමී
ගෝත්‍රික රාජ්‍යක් ලෙස ලෝකයා හමුවේ සිටිනු ඇත.
අමිල ගුණරත්න