මේ යෝජනා මහජනයා බලසතු කළ හැකි දේශපාලන න්‍යාය පත‍්‍රයක්




නිමල්කා ප්‍රනාන්දු
 (සාකච්ජා කළේ සුනන්ද දේශප‍්‍රිය)

 නිමල්කා, ටික වේලාවකට කලින් අප දැක්කා මානව හිමිකම් කවුන්සිලය ශ‍්‍රී ලංකාව පිළිබඳ යෝජනාව සම්මත කරනවා. ඔබ මොකද හිතන්නේ? ඒ ඡන්ද ප‍්‍රකාශවීමේ බරපතළකමක් දකින්න තියෙනවා. මේ යෝජනාවේ තියෙනවා ශ‍්‍රී ලංකාවේ සිවිල් සමාජය කාලයක් පුරා මතු කරපු වැදගත් කරුණු. ඒ කියන්නේ උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීම, දුර්විපාක නොලැබීමේ සංස්කෘතිය අවසන් කිරීම, නීතියේ පාලනය බිඳවැටීම පිළිබඳ ප‍්‍රශ්නය, වගවීම පිළිබඳ නොවිසඳු ප‍්‍රශ්න, සංහිඳියාවට අදාළ කරුණු ආමන්ත‍්‍රණය කිරීමට ශ‍්‍රී ලංකා ආණ්ඩුව දිගින් දිගටම අසමත්වීමේ කාරණය, උගත් පාලන කොමිසමේ නිර්දේශ කොටසක් පමණක් තෝරා ගැනීම සහ මානව හිමිකම් ක‍්‍රියාකාරී සැලැස්මේ හිඩැස් යනාදී කරුණු. ඉතිං මේ කරුණු එකින් එක ගත්තත් ඡන්දය ප‍්‍රකාශ කළ අන්දම රටින් රට බැලූවත් මා හිතන්නේ මේ යෝජනාව බරපතළ එකක් කියලයි.

 ආසියානු රටවල් කී දේ බලන්න යෝජනාවට විරුද්ධව ඡන්දය දීපු තායිලන්තය කියූ දේ. එරට ඉතා වැදගත් ප‍්‍රකාශයක් කරමින් කිව්වා ලංකාණ්ඩුව වගවීම සහ සංහිඳියාව පිළිබඳ කාරණා දෙස ආපසු හැරී බැලිය යුතුයි කියා. තවත් ආසියානු රටක් වන දකුණු කොරියාව කිව්වේ මොකක්ද? එය ප‍්‍රබල ප‍්‍රකාශයක් කරමින් කිව්වා, ශ‍්‍රී ලංකාව වගවීම පිළිබඳ ප‍්‍රශ්නය ආමන්ත‍්‍රණය කළ යුතුයි කියළා. එරට කෙළින් ම කියූ දෙයක් තමයි සංහිඳියාව සඳහා යුක්තිය සහ වගවීම අවශ්‍යයි කියන එක. ඒ කියන්නේ උගත් පාලන කොමිසම ප‍්‍රමාණවත් කියන අදහස දකුණු කොරියාව ප‍්‍රතික්ෂේප කරපු බවයි.

 කවර පාර්ශ්වයකට හෝ ඡුන්දය නොදුන් තවත් ආසියානු රටක් වන ජපානය මානව හිමිකම් ගැන කවුන්සිලයේ දී කියා සිටියේ ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ විසඳා නැති ප‍්‍රශ්න විසඳිය යුතු බවයි. ජපානය තව දුරටත් කියා සිටියා ජනාධිපතිවරයා සැප්තැම්බර් මාසයේ දී උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පෙරොන්දු වී ඇති බැවින් එය ක‍්‍රියාත්මක කරන ලෙස. ඒ වාගේම ජනවාර්ගික ප‍්‍රශ්නයට විසඳුමක් සඳහා වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉක්මන් කළ යුතු බව. 

 ඉතිං, පක්ෂව ජන්දය දුන් දකුණු කොරියාව, විපක්ෂව ජන්දය දුන් තායිලන්තය සහ පාර්ශ්වයක් නොගත් ජපානය කියූ දේ දෙස බැලූවොත් පේනවා මේ රටවල් විසින් අනුගමනය කරන ප‍්‍රවිෂ්ඨයන් බරපතළ බව. අනෙක ඡන්දය ප‍්‍රකාශ වීමේ අංක ගණිතය මගින් පමණක් කවුන්සිලයේ ගතිකත්වය තේරුම් ගන්න බැහැයි කියන එක. ඉන්දියාව ගැන බලමු. එය කියා සිටියා ලංකාව අපේ මිතුරා සහ අසල්වැසියා බවත් එනිසාම එරට සිදුවන දේ ඉන්දියාවට බලපාන බවත්. ඔවුන් අවධානය යොමු කළා අන්තර් ජාතික මානව හිමිකම් නීතිය සහ මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම් පිළිබඳ විශ්වසනීය සහ ස්වාධීන පරික්ෂණයක් පැවැත්වීම ගැන. සමස්තයක් වශයෙන් ගත්තොත් යෝජනාවට පක්ෂව ඡන්දය දුන් රටවල් ස්වාධීන පරීක්ෂණයක අවශ්‍යතාව දිගටම කියා සිට තිබෙනවා.

 ඉස්ලාමීය රටවල් මුස්ලිම් ප‍්‍රශ්නය නොසලකා හැරියා මේ යෝජනාවට ලැබුණු ඡන්දය කිහිප ආකාරයකින් ම වැදගත්. එක් අතකට පේනවා ඉස්ලාමීය රටවල් විසින් ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ජනයාගේ ප‍්‍රශ්නය නොසලකා හැරිය බව. ඉස්ලාමීය රටක් වන පකිස්ථානය මුල පටන් ම යෝජනාවට විරුද්ධ ව්‍යාපාරයට මූලිකත්වය දුන්නා හරි පුදුමාකාර විදිහට. අපි ඔවුන්ගේ තානාපති නියෝජිතයන් සමඟ ජිනීවාහිදී කතා කළා. ලංකාවේ මුස්ලිම් ජනයා මුහුණ දෙන ගැහැට පවා කරුණු ඇතිව පෙන්වා දුන්නා. ආණ්ඩුව පිළිනොගත්තත් බොදු බල සේනාවට ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක අංශත් ගෝඨාභය රාජපක්ෂත් සහාය දෙන බව ප‍්‍රසිද්ධ රහසක්. අපි දන්නවා අමාත්‍ය මණ්ඩලය රබර් සීල් එකක් විතරයි. මේ තීන්දු ගන්නේ ආරක්ෂක ලේකම්වරයා. ආරක්ෂක ලේකම්වරයා ජනාධිපති රාජපක්ෂගේ සහෝදරයා වන නිසා ඔහු ගන්නා ඕනෑම තීන්දුවකට ජනාධිපතිවරයාගේ ආශිර්වාදය තියෙනවයි කියලා මට හිතන්න සිද්ධ වෙනවා.

 එහෙම නැතිව ආණ්ඩුවක් කරන්න බැහැ. නැත්නම් ශ‍්‍රී ලංකාවේ ආණ්ඩු දෙකක් තියෙන්න ඕනෙ. එහෙම නිසා අපට තර්කානුකූලව හිතන්න වෙනවා මේ මුස්ලිම් විරෝධී මතවාදයට විධායක ජනාධිපතිවරයා සහාය දෙන බව. ඉතිං ලංකාව ඇතුළේ බොදු බල සේනාව අපේ සමාජය මත මුස්ලිම් විරෝධී විසම භාවිතයන් ඇති කරමින් හැසිරෙන අන්දම බලන කොට ඒ තත්ත්වය පකිස්ථානය, කටාර්, ක්වේට් සහ ඉන්දුනීසියාව වැනි රටවල අවධානයට ලක් නොවීම පුදුමයක්. ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ජනයා මුහුණ දෙන තත්ත්වය ගැන කිසිම රටක් අදහසක් ප‍්‍රකාශ කළේ නැහැ? නැහැ. එ පමණක් නොවෙයි කවුන්සිල සැසිවාරය අතරතුරේ අවස්ථා ගණනාවක්ම තිබුණා ඉස්ලාමීය රටවලට ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ජනයා මුහුණ දෙන ගැහැට ගැන සිය කනස්සල්ල පළ කරන්න. මෙහෙම වුණේ ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් නායකයන් සිය ප‍්‍රශ්න ගැන මෙම රටවල් දැනුවත් නොකළ නිසා නොවෙයි. ඔවුන් සමහරෙක් කොළඹ පකිස්ථානු තානාපති කාර්යාලය පවා හමු වී තිබුණා. අන්තිමේ දී ඉස්ලාම් භීතියක් මවන බවට අප චෝදනා කරන බටහිර රටවල් තමයි ශ‍්‍රී ලංකාවේ ආගමික නිදහස තිබිය යුතුයි කියලා, මූලික නිදහස් ගැන කතා කළේ. මෙන්න මේ තත්ත්වය ඒ කියන්නේ ඉස්ලාමීය රටවල නිහඬතාව, අපේ සැලකිල්ලට ලක්වෙන්න ඕනෙ.

 මේ වර්ධනයේ පණිවිඩය තමයි ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ප‍්‍රජාව දැන් සිවිල් සමාජය එක්ක වැඩ කළ යුතුයි කියන එක. ඉස්ලාමීය රටවලට කිය කියා හිටියට වැඩක් වෙන්නේ නැහැ. ඒ වගේම ඔවුන් දැන් දෙමළ ඩයස්පෝරාව එක්ක සබඳතා ගොඩනඟා ගැනීමත් වැදගත්. තවදුරටත් මුස්ලිම්වරුන්ගේ ප‍්‍රශ්නය හුදෙක් ආගමික හෝ වාර්ගික ප‍්‍රශ්නයක් නොවෙයි. එය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මූලික නිදහස් ගැන ප‍්‍රශ්නයක්. 

 පසුගිය අත්දැකීම් සැලකිල්ලට ගන්න කොට ඔබ හිතනවාද ලංකාණ්ඩුව සිය අදහස් වෙනස් කරගෙන උගත් පාඩම් කොමිසමේ හරයාත්මක යෝජනා ක‍්‍රියාත්මක කරයි කියලා? මෙම යෝජනාව දිහා සාධනීය දෙස බලාවි කියලා?

 නැහැ. ලංකාණ්ඩුව කරන්නේ තමන්ව රවට්ට ගන්න එක විතරයි. ඒ වගේම අපවත් රවට්ටන එක.ඇත්ත වශයෙන්ම නම් මේ යෝජනා අපට, ඒ කියන්නේ සිවිල් සමාජයට පවරන වගකීම විශාලයි. ලංකාණ්ඩුවට එන වගකීමට වඩා. ලංකාණ්ඩුවට මේ වගේ යෝජනා වැඩක් නැහැ. ඔවුන්ට තියෙනවා පිටු 500 වාර්තාවක් උගත් පාඩම් සහ සංහිඳියා කොමිසම කියලා එකකින්. මා කැමැතියි අහන්න මොනවද ක‍්‍රියාත්මක කරලා තියෙන උගත් පාඩම් කොමිසමේ යෝජනා කියලා? මේ පරෙස්සම් සහගත ක‍්‍රියාවලියක්? ලංකාණ්ඩුව මේ යෝජනාවට විරුද්ධව කියන කතාවක් තමයි මේ යෝජනාවෙන් ‘පරෙස්සම් සහගත සංහිදියා ක‍්‍රියාවලියට’ හානියක් වෙනවා කියලා.

 අමාත්‍ය සමරසිංහගේ කතාවෙත් ඒක තිබුණා. ඉතිං මොකක්ද මේ ‘පරෙස්සම් සහගත’ සංහිඳියා ක‍්‍රියාවලිය? දෙමළ ජනයා මුහුණ දෙන ප‍්‍රශ්න විසඳීමට ආණ්ඩුව දෙමළ ජාතික සන්ධානය සහ අනෙක් දෙමළ පක්ෂ එක්ක සාකච්ඡුා ආරම්භ කරලා තියෙනවාද? පීඩාවට පත් ජනයා ගැන උගත් පාඩම් කොමිසමේ ඉදිරිපත් කළ යෝජනා ගැන ලංකාණ්ඩුව ...