ඉන්දීය අගමැති මන්මෝහන් සිං වෙත ලිපියක් යොමු කරන මහ ඇමතිනිය, ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා දෙමළ ජනතාවට එරෙහිව සිදු කළ "වර්ග සංහාරය" සම්බන්ධයෙන් තමිල්නාඩුවේ ජනතාව දැඩිව කිපී සිටින බැවින්, ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්, විනිශ්චයකරුවන්, නිලධාරීන් හෝ සහායක කාර්ය මණ්ඩලය සහභාගි වන කිසිදු තරඟයක් තමිල්නාඩුවේ නොපවත්වන මෙන් සංවිධායකයන්ට උපදෙස් දෙන මෙන් ඉල්ලා සිටියාය.
'ආරක්ෂාව සහතික කරනවා'
මේ අතර නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව සහතික කරන බවට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් සහතික කළ බව ප්‍රකාශ කරයි.ඉන්දියාවේ පවතින වත්මන් වාතාවරණය යටතේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව පිලිබඳ ගැටලුව ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ට යොමු කළ බව අවස්ථාවේ තමන්ට එම සහතිකය ලැබුන බවයි, නිවේදනයේ දැක්වෙන්නේ.
එමෙන්ම පවතින තත්ත්වය පිළිබඳව විදේශ අමාත්‍යාංශයෙන් උපදෙස් පතා තිබෙන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, තිලකරත්න ඩිල්ශාන්, ඇන්ජලෝ මැතිවුස්, නුවන් කුලසේකර, අජන්ත මෙන්ඩිස්, ලසිත් මාලිංග, අකිල ධනංජය, මුත්තයියා මුරලිදරන්, ජීවන් මෙන්ඩිස්, තිසර පෙරේරා, සචිත්ර සේනානායක සහ කුසල් ජනිත් පෙරේරා ඉන්දීය ප්‍රීමියර් ලීගයට තරඟ වදින ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්.
බීබීසී