බෙන්තර පොලිසිය ;- තවත් කතකට බොරු නඩුවක්.



හර්ෂි සි. පෙරේරා

ඇය තුයියාදුර නුදුලවතිද සිල්වාය. වයස අවුරුදු 54යි. විවාහක සිවු දරු මවකි. රැකියාව වියාපාරික වේ. අංක 52, ගනේගම , අලුත්ගම පදිංචි වී සිටි. ඇය මෙම ලිකිත පැමිණිල්ල 2013.03.25 දින මානව හිමිකම් කොමිසමට, පොලිස්පතිට සහ ගාල්ල නියෝජ්‍ය පොලිස්පති වෙත යොමු කළාය. 

 ඇය 2013.02.25 දින උදේ 8.30 ට පමණ බෙන්තර පොලිසියට ගියේ සැරයන් හේමන්තගේ දුරකථන ඇමතුමකට අනුවය. පොලිසියේදී ඇයව උප පොලිස් පරීක්ෂක උදයංග වෙත යොමු කර තිබේ. ඔහු ඇයට වරෙන්තුවක් ඇද්ද යන්න ගැන ප්‍රශ්න කර ඇත. ඇය නැති බව ප්‍රකාශ කර තිබේ. එවිට ඔහු උබ බුරු ගහලා තියෙනවා උසාවි දානවා වරද පිළිගනියි යනුවෙන් තර්ජනය කර තිබේ. 

ඇයව එදින සවස 3.30 ට පමණ මහේස්ත්‍රාත් නිල නිවසට ඉදිරිපත් කර ඇත. කවුද මැගිලින් සේනානායක කියන්නේ ඇයි ඒ වෙනුවට නුදුලාවතී ගෙනත් තියෙන්නේ කියා මහේස්ත්‍රාත් ප්‍රශ්න කර තිබේ. එවිට ඇගේ නීතිඥවරයා මෙය පොලිසිය හිතා මතා කල පලිගැනීමක් බව කියා ඇත. පසුව මහේස්ත්‍රාත් වරයා ඇයව පොලිසියට ගෙන ගොස් මුදා හරින ලෙස නියෝග කර තිබේ. පොලිසියේදී රුපියල් 50,000 ක ශරීර ඇපයක් මත මුදා හැර ඇත. ඒ අවස්ථාවේ උප පොලිස් පරීක්ෂක උදයංග ඇයට 26 උසාවි ඇවිත් වැරදි කාරයා කියන්නයි නැවත වරක් තර්ජනය කර ඇත. 

ඇය එදින උසාවි ගියාය. ඒ බලපිටිය මහේස්ත්‍රාත් අදිකරනයටයි. මැගිලින් සේනානායක නම කතා වුවිට ඇය ඉදිරියට ගොස් තිබේ. ඒ අවස්ථාවේ බෙන්තර පොලිසියේ ස්ථානදිපති ඇයව අත්අඩංගුවට ගත්තේ වැරදීමකින් බව අදිකරණයට දැනුම් දී ඇත. එවිට මහේස්ත්‍රාත් ඇයව මුදා හැර තිබේ. එම නඩුවේ අංකය 90119 වේ. මේ සම්බන්දයෙන් ඇය 2013.02.28 දින මානව හිමිකම් කොමිසමට කල පැමිණිල්ලේ අංකය එච් ආර් සි 762/13 වේ.