ගෝඨාගේ නිර්වත

          ලංකාව තුල මේ වන විට ප්‍රබල ආන්දෝලනයක් මතුකරමින් සිටින කණ්ඩායම බොදු බල සේනාව වන අතර මේ මහා සේනාවට බලය ලබාදෙන අදෘශීයමාන හස්තය අද දිනයේ නිරාවරණය වී තිබේ. පර්සි රාජපක්‍ෂගේ සොහොයුරකුවන ගෝඨාබය රාජපක්‍ෂ වර්තමානයේ රටේ පළමු පුරවැසියාගේ කාර්ය ඉටුකරමින් සිටි. රාජපක්‍ෂ වරු සමග සිටි නම් එසේම ඔවුන්ගේ සියලු ශරීර කෘත්‍යන් නොපැකිලව ඉදිරිපත් වී කරදේ නම් ඔහු ඇයට රට තුල ඕනෑම තරමේ තක්කඩි, හොරිකඩ වැඩක් සිදුකිරීමේ සුජාතභාවය රටතුල මහත් අභිමානයෙන් ගොඩනගා තිබේ. මේය ඔවුන්ට එල්ල කරන අපහාසාත්මක  අදහස් නොව ප්‍රයෝගිකව රට තුල දක්නට ලැබෙන තත්වයයි.  බොහොම සරල උදාහරණය මිනීමැරුම් චෝදනා ලාබී දුමින්ද සිල්වාට ලබාදෙන රැකවරණය සහ වංචා සහගත ගනුදෙනුවකට සම්බන්ද අයි.ටි.එන් ප්‍රවෘති අධ්‍යක්ෂ සුදර්මන් රදලියගොඩට ලබාදෙන රැකවරණයයි.

      අද දිනයේ(09.03.2013) බොදු බල සේනා නායකත්ව පුහුණු ආයතනයක් විවෘත කිරීමට පැමණි ප්‍රදාන ආරාධිත අමුත්තා වුයේ   ගෝඨාබය රාජපක්‍ෂ විය(එය ගාල්ලේ දී සිදු විය) . මේ පිළිබද යමෙකුට මෙහි ඇති අරුමය කුමක්දැයි ප්‍රශ්නයක් ඇති විය හැක. ඒ පිළිබද කරුණු ප්‍රමාණවත් තරම් ඉදිරිපත් කල හැකි වුවද මේ සම්බන්ද සියළු යහගුණ ඉතා කෙටිකලකින් මීටත් වඩා තියුණු ලෙස පිබිදෙනු නොඅනුමානය එතෙක් මේ ලිපියෙන් මා සුභ ප්‍රර්ථනා කරන්නේ සියලු සකල දේශවාසි දේශප්‍රේමී හුදී ජනයටයි. ඔබ සැමට පර්සි රාජපක්‍ෂගේ පවුල  සමග සුභ අනාගතයක්. 

අජන්ත ඉලේපෙරුම