වාද්දුව පොලිසිය;- රුපියල් 10,000/= අතුරුදහන් !



හර්ෂි සි. පෙරේරා

 කුසුමාවතී දාබරේ 55 හැවිරිදි විවාහක එක් දරු මවකි. රෙජිනා මාවත වේරගම වාද්දුවේ පදිංචි වී සිටි. ඇය මෙම ලිකිත පැමිණිල්ල 2013.03.11 වන දින මානව හිමිකම් කොමිසමට සහ පොලිස්පති වෙත යොමු කරන ලදී. 2013.03.04 දින ඇගේ වත්තේ පොල් ගස් 05 ගෙඩි කඩා පොල්ගෙඩි 32 ක් නිවසේ තබා තිබිණි. 2013.03.09 දින ඇය වැඩට ගොස් සිටියදී ලතා මානෙල් කුරේ සහ වාද්දුව පොලිසියේ අපරාද අංශයේ ලලිත් සහ තවත් අයෙක් නිවසට ඇතුළුවී පොල්ගෙඩි සිසිකඩ විසුරුවාහැර නිවසේ බඩු මුට්ටුද අවුස්සා ගොස් ඇත. ඇය ඒ බව දැන ගත්තේ අසල්වැසියන් ගෙනි. ඇයවද එදින සවස 03 ට පමණ පොලිසියට කැදවා තිබේ. එවිට අපරාද අංශයේ ලලිත් සැකයට එන්න කිවුවේ කියා ඇයව පිටත් කර හැර තිබේ. ඇය නිවසට පැමිණ බැලුවිට ගෙදර තිබු රුපියල් 10,000 ක මුදල අතුරුදහන්ව ඇති බව දැන ගෙන ඇත. පොලිසිය පැමිණ ඇත්තේ අල්ලපු ගෙදර හැරිසන් කුරේ ලතා මානෙල් කුරේ යන අයගේ පියගේ ගෙදර පොල්ගෙඩි 10 ක් සොරකම් කර ඇති බවට කල පැමිනිල්ලකටය.