කප්පම් පානදුර පොලිසියේ නයනජිත්ටලු.



හර්ෂි සි. පෙරේරා

කුලන්ත හර්ෂ මෙම ලිකිත පැමිණිල්ල 2013.02.27 දින මානව හිමිකම් කොමිසමට පොලිස්පතිට සහ පානදුර ජෙෂ්ට පොලිස් අදිකාරී වෙත යොමු කරන ලදී. ඔහුට පානදුර පොලිසියේ නයනජිත් නමැති නිලදාරියට රුපියල් 12,000 ත් 13000ත් අතර මුදලක් ලබා දෙන්නයි කියමින් තමා පොලිස්කාරයකු බව කියා ගන්නා ශකිල ලක්මාල් නැමැත්තා තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලබා දෙයි. ඔහු එසේ තර්ජනාත්මක ඇමතුම් ලබා දෙන්නේ 0726760015 යන දුරකථන අන්කයෙනි. මෙම පැමිණිල්ල යොමු කල දිනයේදීද 0726070368 යන දුරකථන අංකයෙන් ඔහු විසින් හර්ෂට අසබ්ය වචනයෙන් බැන වැදී තර්ජනය කොට ඇත. ඒ නීතිමය පියවර ගතහොත් හර්ෂාව සහ ඔහුගේ තාත්තව අත්අඩංගුවට ගන්නා බවත් ඔවුන්ගේ කඩය සිල් කරන බවත් කියමිනි. 28 හැවිරිදි හර්ෂ අවිවාහක රැකියාව වෙළදාම කරගත් තරුණයෙකි. අංක 302, පානදුර පාර, හොරණ පදිංචිව සිටි.