පානදුර දකුණ පොලිසිය;- මගේ සැමියාට දැනුත් පහර දෙනවා.



හර්ෂි සි. පෙරේරා

ඉනොකාද සිල්වා 50 හැවිරිදි විවාහක දෙදරු මවකි. අංක 52/38, මොදරවිල නිවාස , හොරණ පාර , පානදුර පදිංචි වී සිටි. ජානක සමන්ත දිසානායක අවුරුදු 43 යි කම්කරු ඇගේ සැමියා වේ. 2013.03.17 දින දහවල් 11 ට පමණ පානදුර පොලිසියේ අදිකාරම් රණසිංහ යන නිලදාරීන් පැමිණ ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ. ඒ සිම් එකක විස්තර අරන් ජංගම දුරකතනයක් සොයමිනි. දැන් ඔහුව පානදුර පොලිසියේ අපරාද අංශයේ උඩ තට්ටුවේ තබා ගෙන අමානුෂික ලෙස වදහිංසා පමුණුවමින් සිටි. ඔහුව බෝම්බයක් දමා බන්දනාගාර ගත කරන බවටද තර්ජනය කරනු ලැබේ. දැනුත් මෙසේ වදහිංසා පමුණුවනු ලබන්නේ ඉන්ද්‍රජිත් නමැති නිලදරියාය . ඉනෝකා අද මිට සුවල්ප මොහොතකට පෙර මානව හිමිකම් කොමිසමට සහ පොලිස්පතිට ෆැක්ස් මගින් හා ලිකිතව පැමිණිලි කරන ලදී.