අගුරුවාතොට පොලිසිය;- මල්ලිට බැරිවූ දේ අයියට කිරීමට උත්සහ කරයි.


හර්ෂි සි. පෙරේරා

අමිත් දර්ශන අල්විස් 31 හැවිරිදි විවාහක දෙදරු පියෙකි. රැකියාව පෙදරේරු වේ. 183/බි 5 ඩි 1/සි දම්මානන්ද පෙදෙස බැල්ලන්තුදව බණ්ඩාරගම පදිංචිකරුවෙකි. ඔහු 2013.03.11 වන දින මෙම ලිකිත පැමිණිල්ල මානව හිමිකම් කොමිසමට, පොලිස්පතිට සහ පානදුර ජෙෂ්ට පොලිස් අදිකාරී වෙත යොමු කරන ලදී. ඔහුගේ මල්ලි වන සුනිමල් දර්ශන අල්විස්ව අගුරුවාතොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ගංජා දැමීමට උත්සහ කලද බැරිවී හමුදාවට බාර දෙන ලදී. ඔහු යුද හමුදාවෙන් පැනවිත් සිටි අයෙකි. මේ පිලිබදව මෙම බලදාරින්ටම ඔහුගේ බිරිද උරේශා තරන්ගනිද සිල්වා 2013.03.08 දාතමින් පැමිණිලි කර ඇත. 2013.03.09 වන දින අමිත්ගේ නිවසට පැමිණි අගුරුවාතොට පොලිසිය කියා ඇත්තේ මල්ලිට දමන්න බැරිවූ ගංජා අමිත්ට දැමීම සදහා ඔහුව අත්අඩංගුවට ගැනීමට පැමිණි බවයි. මේ අවස්ථාවේ අමිත් රැකියාවට ගොස් සිට ඇත. මිට අවුරුදු 02 කට පමණ පෙර අමිත් ගංජා වෙළදාම කල අතර පොලිස් නිලදාරින්ට කප්පම්ද ලබා දී තිබේ. ඔහුට විරුද්දව නඩු දෙකක්ද තිබී ඇත. ඔහු මිට මාස 10 ක පමණ කාලයක සිට එම නීතිවිරෝදී වෙළදාම නතර කර ඇත. අමිත්ට අනුව අගුරුවාතොට පොලිසිය උත්සහ කරන්නේ ඔහුගේ මල්ලි වෙනුවට ඔහුට වියාජ නඩු පැවරීමටයි.