ඉස්ලාම් කල්ලිය;- පෝලියෝ එන්නතට විරෝදය තුවක්කුවෙන්.


 හර්ෂි සි. පෙරේරා

පෝලියෝ වලට එරෙහිව ළමුන්ට එන්නත් ලබා දුන් අවම වශයෙන් කාන්තාවන් 09 දෙනෙකු වෙඩි තබා ගාතනය කර තිබේ. ඒ උතුරු නයිජිරියවේය. මෙයට රැඩිකල් ඉස්ලාම් කල්ලියක් සැක කෙරේ. මුස්ලිම් ජනයා බහුතරය වූ උතුරු නයිජීරියාවේ විශාලම නගරයක් වූ කනෝ හි මෙය සිදුව ඇත. ඒ පවුල්වල සාමාන්‍ය හැගීම නම් පිරිමින්ට වඩා කාන්තාවන් නිවෙස් වල සිටීම පහසුවක් බවයි. මෙම පෝලියෝ එන්නතට සමහර ආගමික කණ්ඩායම් විරෝදය පල කරන්නේ එය තරුණ ගැහැණු ළමුන් වන්දිකරණය කරන බටහිර විසින් දියත්කර කුමන්ත්‍රණයක් ලෙස සලකාය. මෙම වෙඩි තැබීම ගැන සාක්ෂිකරුවන් ප්‍රකාශ කරන්නේ එයට බොකෝ හරාම් යන ඉස්ලාම් සන්නද්ද කණ්ඩායම වගකිවයුතු බවයි. මේ තත්වය දෙසැම්බර් මස පකිස්ථානයේ සිදුවීම් ගණනාවකදී ඉස්ලාම් සන්නද්ද කණ්ඩායම් විසින් කාන්තා පෝලියෝ එන්නත්කරුවන් 05 දෙනෙකු මරා දැමීමට බොහෝදුරට සමානය.