අදිරාජ්‍ය විරෝදය නොහොත් මහින්දට මුක්කු ගැසීම.


හර්ෂි සි. පෙරේරා

 මේ ලියන අපිට ද්‍රෝහී ලේබලය ඇලවෙනු ඇත. එහෙත් දබර අමිල ඇතුළුව සහ ජෙප්පන් මේ මොහොතේ අදිරාජ්‍ය විරෝදය ගෙන එන්නේ කල දුටු කල වල ඉහ ගැනීමටයි. සරලව කිවහොත් මහින්දට මුක්කු ගසා වරප්‍රසාද ලබා ගැනීමටයි. මෙසේ මහින්ද ඔසවා තැබීමේ උත්සාහය සාමාන්‍ය ජනයා නොසලකා හැරීම වේ. ඔවුන්ගේ ප්‍රශ්න ඔවුන්ටත් අමතක කිරීමක් වේ. 

මේ වසරේ නොවැම්බර් මස පොදු රාජ්‍ය නායක සමුළුව ලංකාවේ පැවැත්වීමට නියමිතය. ඒ සදහා අපේ සුදුසුකම් නැතිනම් ආණ්ඩුවේ සුදුසුකම් මොනවාද යන්න අප විසින් විමසා බැලිය යුතුව ඇත. හිටපු අගවිනිසුරුවරියගේ බෙල්ල කැපු ආණ්ඩුවට මෙරටේ ජනතාවගේ මානව හිමිකම් පිළිබද අබමල් රේණුවක තැකීමක් නැත. යහ පාලනය , ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ අදිපත්‍ය ගැනද කීමට ඇත්තේ එපමණයි. 

 ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසය පුරාවටම ජනතා සටන් පවා දීම පිළිබද ප්‍රසිද්දියක් උසුලයි. ප්‍රදාන විපක්ෂයටද රැක ගැනීමට අවශ්‍ය වී ඇත්තේ මහා ජනතාව නොව ඔවුන්ගේ පාර්ලිමේන්තු වරප්‍රසාදයන්ය. මේ ආකාරයට මොවුන් තව බොහෝ කාලයක් මේ රටේ දුක්විදින බැට කන සාමාන්‍ය මහා ජනතාව මුලා කරනු ඇත.