ලොකබි ගුවන්යානා ප්‍රහාරය



ශෂිකලා පුංචිහේවා

1988 සිදු වූ ලොකර්බි ගුවන්යානා ප්‍රහාරයට වගකිව යුත්තේ ලිබියානු හිටපු නායක කර්නල් ගඩාෆි නොව , ඉරානයේ ආගමික නායක අයතුල්ල කුමේණි සහ ඔහුගේ බුද්ධි අංශ නිලධාරීන් බව , ප්‍රංශ රහස් පරීක්ෂක ලේඛක ගිරඩේ බිලියස් කියයි . ඔහු සබදතා පැවත් වූ , සි. අයි . ඒ . ක්‍රියාකාරීන් පවසන්නේ මේ පිටුපස ඉරාන ක්‍රියාකාරිත්වයට සමාන ලක්ෂණ පෙන්නුම් කරන බවයි . ගුවන් නියමු කුටිය අසල තැන්පත් කල බෝම්බය පිපිරීමෙන් , පැන් එමෙරිකන් 747 ජම්බෝ ජෙට් යානයේ ගමන් කල මගින් 243 ක්ද ගුවන් සේවකයින් 16 ක්ද බිම සිටි 11 ක්ද මිය ගියහ . මෙයද තවත් අන්තවාදී ආගමික නායකයකුගේ වැඩක් බව දැන් හෙළිවී ඇත . මොහුට ෂරියා නිතිය කෙසේ බලපාන්නේදැයි ලෝකවාසීන්ගෙන් ප්‍රශ්න කල යුතුය .