සුබ ආරංචියක්;- විශ්වරුපම් නිදහස්.


හර්ෂි සි. පෙරේරා

එහෙත් මෙය නිදොස්කොට නිදහස් කිරීමක් නොවේ. මක්නිසාද යත් චිත්‍රපටයේ දර්ශන දෙකක් සංස්කරණය කොට නිදහස් කිරීම බැවිනි. 

ඉන්දීය නළු කමල් හසන්ගේ මතබේදාත්මක චිත්‍රපටයට පැනවූ තාවකාලික තහනම ශ්‍රී ලංකා බලදාරීන් විසින් ඉවත් කරගෙන තිබේ. බලදාරීන් ප්‍රකාශ කරන ආකාරයට අදාල දර්ශන දෙක සංස්කරණය කර ඇත්තේ චිත්‍රපටියේ අන්තර්ගතයට හානි නොවන ලෙසයි. කෙසේ වෙතත් මෙය නරක නොවන්නේ නොවේ.

 ආගමට තීරණ ගැනීමට ඉඩ නොදිය යුතුය. ආගම සහ රජය යනු දෙකක් මිස එකක් නොවේ. ආගම ඉස්ලාම්ද බවුද්දද කතෝලිකද ක්‍රිස්තියානිද යන්න මෙහිදී ප්‍රශ්නයක් වන්නේ නැත. 

චිත්‍රපටය නැරබිමේ අයිතිය අපිට බාෂණයට හා ප්‍රකාශනයට ඇති අයිතිය ක්‍රියාත්මක කිරීමකි. ප්‍රසන්න ලියනගේ අද්යක්ෂණය කල පුර හද කළුවර චිත්රපටියේදී එවකට ඇමති සරත් අමුණුගම ඇන ගත් ආකාරයට ඇන ගැනීමට ඇමති කෙහෙළිය රබුක්වැල්ල සුදානම් නැති බවද පෙනේ.