ප්‍රභාගේ දෙවෙනි පුතා මෙහෙම මැරුවද?


Sri Lanka dismisses documentary on Prabhakaran son's death allegedly in cold blood
     බ්‍රිතාන්‍ය චැනල්4 නාලිකාව තම නවතම වර්තා වැඩසටහන මගින් හෙළිදරවු කරනු ලබන්නේ ප්‍රභාකරන්ගේ දෙවැනි පුත්‍රයාගේ ඝාතනය පිළිබදවය. ප්‍රභාකරන්ගේ දෙවැනි පුතා වූ  බාලචන්ද්‍රන් ප්‍රභාකරන් වයස අවුරුදු 12 පසුවිය.  නිකුත් කර ඇති වැඩසටහනේ  චායාරූප දෙකක් සටහන් වන අතර එක් චායාරූපයක ශරීරයේ ඉහල කොටස නිර්වස්ත්‍රව සිටින අතර යම් ආහාරයක් අනුභව කරන ස්වරුපයක් දිස් වේ, එසේම දැඩි තැතිගැන්මක් දෙනෙත් වලින් විද්‍යමාන වේ, ඒ අවට පරිසරයෙන් පැහැදිලිවන්නේ ශ්‍රී ලංකා හමුදා රැකවරණයේ ඔහු රැදී සිටින බවකි. දෙවැනි චායාරූපයෙන්   වෙඩි වැදුණු ඔහුගේ නිශල සිරුර  බිම වැටි ඇති අයුරු  දිස් වේ. එසේම ඔහුගේ පපු ප්‍රදේශයට වෙඩි වැදීනු බවක් දිස් වේ. 
           කෙසේ නමුත් ශ්‍රී ලංකා හමුදාව මේ  චායාරුප ව්‍යාජ ඒවා බව ප්‍රකාස කර තිබේ. එමෙන්ම මේවා අනුමාන මත නිර්මාණය කර ඇතයි ප්‍රකාස කරයි.  හමුදා  ප්‍රකාසක බ්‍රිගේඩිය රුවන් වනිගසුරිය ප්‍රකාස කලේ මේය සත්‍ය නොවන  කරුණු මත  පදනම්ව එල්ල කරනු ලබන පළමු චෝදනාවද නොවන බවයි. තව දුරටත් ප්‍රකාස කලේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිය ආසන්නයේ එය ඉලක්ක ගතව මානව හිමිකම් සැසියට පෙර මෙය ඉදිරි පත්කර ඇති බවයි.