බල මාළු විමල්


       විමල් විරවංශ  කාලෙන් කාලෙට එක එක දේ කියයි. කාලෙකට ගුගුල්, කොකාකෝල  වර්ජනය කරයි. කාලෙකට ඉස්සර කාල්මාක්ස්ටත් සමාජවාදය ගැන පංති කලා. තවත් කාලෙකට ඉස්සර   කට්ටි පැනල දේශපාලනේ කලා. ඔය කොතනදිවත් හැබයි බල මාළුව කන්න නම් සෙට් වෙලා නැහැ මොකද ඔය හැම තැනදීම මිනිහ හිටියේ නන්නත්තාර වෙලාය. බල මාළුව විමල්ට කැවුවේ මහින්දය. කොහොම හරි මහින්දගේ   බල මාළුව ගිල්ල විමල් සාර්ථක ප්‍රතිපලද මහින්දට ගෙනත් දුන්නේය. ජනතා විමුක්ති පෙරමුණ මරාගෙන මහින්දට කොක්ක ගැහුවේ පිරභාහරන්ට පින්සිද්ද වෙන්ඩය.  කොහොමනමුත් දැන් මිනිහ දියුණුය දැන් බල මාළු විතරක් නෙවේ ඊට වඩා ලොකු ලොකු මාළුත් ගිල දමයි.


       බල මාළුවෙ රහ දන්න විමල් දැන් තමන්ගේ පැවැත්මට විකල්ප හොයයි. මොකද දැන් පිරභාහරන් නැතිය ඒ වෙනුවට බොදු බල සේනාව පිබිදිගෙන එයි. හැබයි විමල්ලට තමන්ගේ දේශපාලන ලෝකේ බොදු බල සේනාව රදවා ගැනීමට නොහැකිය මොකද ඔවුන් ඊටත් ඒහාට දකුණ රැගෙන යන නිසා. විමල්ලා ගෙනවිත් නතර කරපු තැනින් දැන් බොදු බල සේනාව ගමන පටන් ගෙන තිබේ. ඕං ඉතින් දැන් විමල්ට තමන් කාපු බීපුවා වමාරන්න වෙලාය මොකද මිනිහට හරි ගියේ බල මාළුව නිසාය ඉතින් දැන් විමල් හදන්නේ රටේ මිනිස්සුන්ට බල මාළු කවල බොදු බලේට යන මිනිස්සු ටික ගොඩ දාගන්ට. මොකද විමල් හිතන්නේ බල මාළු කෑවම තමන් ඉන්න නැවේ  සිදුරු දැකීමේ නුවණ පහල වෙන බවය. කොහොම නමුත් දැන් තත්වය භායානකය එක අතකින් විමල් ගිල්ල බල මාළුව රස වැඩිය මොකද 18 වැනි සංසොදනය  හිරිකිතයකින් තොරව තම දේඅතම ඔසව වලංගු කළේය. ඉතින් දැන් විමල්  බලන්නේ කවූරුහරි බිල්ලට දමා ඇග බේරා  ගන්න, ඒක නිසා දැන් අලුත්ම කතාව ආර්ථික ඝාතකයින් ගැන. ඕං දැන් තමයි බල මාළුවෙ හොදම හරිය මොකද ඉලග කෑල්ල තවත් රසවත්...


අජන්ත ඉලේපෙරුම