බියගම විලේජ් හෝටලය ;- සුදු වැන් රථයකින් පැහැර ගෙන යයි.





හර්ෂි සි. පෙරේරා 

2011 දෙසැම්බර් මාසයේ හෝ ඊට ආසන්නයේ බියගම විලේජ් හෝටලයට අයත් ඉඩමේ අයිතිකරු වශයෙන් ක්‍රියා කල ජයරත්න මහතාව කපා කොටා මරා දමා තිබිණි. 2012.12.26 දින සුදු වැන් රථයකින් පැමිණි පිරිසක් එම ඉඩම පරික්ෂා කර තිබේ. දොම්පෙයලලගේ නන්දපාල 61 හැවිරිදි විවාහක තිදරු විශ්‍රාමික පියෙකි. දොම්පෙයලගේ සුසන්ත නොහොත් නිලංක 27 හැවිරිදි රැකියාව ගොවිතැන සහ ත්රිරෝදරත රියදුරු ඔහුගේ පුතා වේ. මෙම බියගම විලේජ් හෝටලයේ ගනකාදිකරිනි චමරි මියට අයත් ඉඩම බලා ගත්තේ සුසන්තය. සුසන්ත අදාල සුදු වැන් රථය ඉඩම අසල නවතා තබා ඇති බව දොම්පේ පොලිසියට පැමිණිලි කර එමින් සිටියදී ඔහු එම අංක 251-3255 දරන සුදු වැන් රථයෙන්ම පැහැර ගෙන ගොස් තිබේ. මේ පිලිබදව දොම්පේ පොලිසියට කල පැමිණිල්ල බාර නොගත් අතර ඔවුන් පවසා ඇත්තේ ඔහුව පැහැර ගෙන ගොස් ඇත්තේ කොලබ අපරාද කොට්ටාශය CCD මගින් බවයි. ඔහුව තවමත් කොලබ අපරාද කොට්ටාශයේ රදවා ගෙන සිටි. එසේ රදවා ගෙන සිටියදී ඔහුට එක් දිනක් පහරදිද ඇත.   දැනට ඔහුව මාස 1 1/2 කට අසන්න කාලයක් එහි රදවා ගෙන සිටියි. සුසන්තගේ පියා මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටින්නේ ජයරත්න මහතාගේ මරණය හෝ වෙනත් කිසිදු අපරාදයකට නීති විරෝදී ක්‍රියාවකට සම්බන්දවි නොමැතිමාගේ  මාගේ පුතාගේ මුලික අයිතිවාසිකම් උල්ලංගනය කරමින් රදවා තබා ගැනීම අවසන් කර ඔහුට නිදහස ලබා දෙන ලෙසටයි.