නයි නළගන නව මාවතකට ....



ශෂිකලා පුංචිහේවා

සිදුවූ සියල්ල අමතක කරමින් නයි නළගන දැන් වෙනස් මාවතකට අවතීර්ණ වී ඇත . 

 ගායකයකුගේ සිංදුවකට රුප රාමුවකින් දායක වී , හැකියාව ප්‍රදර්ශනය කිරීම යුක්ති සහගතය . නමුත් එය ,වැරදි අරමුණු වෙනුවෙන් දඩමීමා කරගැනීම නම් , බුද්ධිගෝචර නොවේ . 

 ඇය කරලියට ආ දින සිට පුවත් මවන්නියකි . අවිචාරව බොහෝ දේ සිදුකර ඇත . නමුත් යා යුතු මග සොයා ගැනීම හා සමාජයට වැඩදායි ලෙස හැසිරෙන්නේ නම් , ඇයට අනාගතයක් ඇත .

 නයි සෙනෙහසින් ජනප්‍රිය වූ ඇයට නයින් අමතක වේදැයි සැක සහිතය . දැන් ඇයට සමාජ ශාලාවන්හි නැටීමට අවශ්‍යතාවයක් නැත . ඇගේ අරමුණ දක්ෂ මෝස්‌තර නිරුපිකාවක් වීමයි . නයින්ට හා ඇයව තරුවක් කෙරු ,මාද්‍යවේදීන්ට ස්තුතියි . දැන් ඇගේ ගමන ඇය තනියම .යනු ඇත .