කොටින්ට සහය දැක්වු කුර්කිස්තාන් කාන්තාවත් තිදෙනෙකු වෙඩි තබා මරයි

ප්‍රංශයේ අගනගරය වන පැරිස්හි දෙමළ ජනතාවගේ ව්‍යාපාරික ස්ථාන වැඩි ප්‍රමාණයක් ඇති ලාජ්ඇපල් ප්‍රදේශයට ආසන්නව පිහිටි කාර්ටු නොටි දුම්රිය ස්ථානය අසල කුර්කිස් අධ්‍යාපන ආයතනයකදී 2013.01.10 වන දින අළුයම 0300 පැයට කුර්කිස් කාන්තාවන් තිදෙනෙකුට වෙඩි තබා ඝාතනය කර ඇත. මිය ගිය කාන්තවක් වන බිටන් ඩෝකන් (අවු 32) එම අධ්‍යාපන ආයතනයේ තොරතුරු අංශයේ සේවය කර ඇති අතර, මිය ගිය සාහින් කාන්චිස් නැමති කාන්තාව කුරුකිස්තාන් සංවිධානයක් වන (පිකේකේ) කම්කරු පක්‍ෂයේ නියෝජිතවරියක වශයෙන් සේවය කර ඇති අතර, මියගිය අනික් කාන්තාව කවුරුන්දැයි හෙලිවි නොමැත.

සිදුවිම සිදුවු ස්ථානයට කඩිනම්න් ගිය ප්‍රංශ අධ්‍යාපන කටයුතු ආමාත්‍යය මානුවල් වාල්ස් සිදුව්ම සනාථ කර ඇති අතර, ඒ සමිබන්ධයෙන් කඩිනමින් පරික්‍ෂණ ආරම්භකර ඇති බව ප්‍රකාශ කර ඇත. ඝාතනයට ලක්වු කාන්තාවන් දෙමළ ඊලාමි විමුක්ති කොටි සංවිධානයට දැඩි සහයෝගයක් ලබාදුන් අයවලුන් වේ. දෙමළ ජනතාව සිදුකරන විරෝධතාවලට සහභාගිවී තම සහයෝග දක්වා ඇත. මේ හේතුවෙන් ඔවුන්ගේ මිය යෑම ප්‍රංශයේ ජිවත්වන දෙමළ ජනතාවට අතර දැඩි කමිපනයක් ඇතිකර ඇත.

2012.11.08 වන දින පැරිසියේදී දෙමළ සමිබන්ධීකරණ කමිටු නායක පරිදි වෙඩි තබා ඝාතනය කල අන්දමින්ම මොවුන්ගේ හිසට වෙඩි තබා ඝාතනය කර ඇත.