යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන්ට තර්ජනය කර ඔවුන්ගේ නිවස්වලට ලිපි

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන්ට තර්ජනය කර ඔවුන්ගේ නිවස්වලට පිටු 03 කින් සමන්විත ලිපි යවා ඇති අතර එම ලිපි මගින් දෙමළ ජාතික සන්ධානයට සහ දෙමළ ජාතික ජනතා පෙරමුණට දැඩි ලෙස චෝදනා කර ඇත. සිසුන්ගේ විරෝධතාවයන් පිටුපස ඉහත සඳහන් පක්‍ෂ සිටින බවද සඳහන් කර ඇත.

සිසුන්ගේ නිවැරදි නම් සහ ලිපිනයන් සොයාගෙන ලිපි යවා තිබෙන හේතුවෙන් සිසුන් සහ දෙමාපියන් භිතියට පත්ව ඇත. මෙම කටයුත්ත යාපනය විශ්ව විද්‍යාලයේ පරිපාලනය සමඟ ඒකාබද්ධවී සිදුකල එකක් විය හැකි බව දැන ගැනිමට ලැබී ඇති අතර යාපනය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුන්ගේ සමිපුර්ණ නමි, අධ්‍යාපනය ලබන අංශය සහ ලිපිනය යනාදී තොරතුරු යාපනය විශ්ව විද්‍යාලයේ පරිපාලනයෙන් පරිබාහිරව සිටින්නන්ට දැන ගැනිමට නොහැක. එබැවින් මෙම කටයුත්ත යාපනය විශ්ව විද්‍යාල පරිපාලනය සමඟ ඒකාබද්ධවී වෙනත් දේශපාලන පුද්ගලයින් විසින් සිදුකරන්නට ඇති බවට විශ්වාස කෙරේ.

සිසුන්ගේ ආරක්‍ෂාව තහවුරු කරන බව පවසා නැවත යාපනය විශ්ව විද්‍යාලය ආරමිභකලද, විශ්ව විද්‍යාලයේ පරිපාලනයේ සහය ඇතිව මෙම තර්ජනාත්මක ලිපි සිසුන්ට යවා ඇත. මෙම සිදුවිම සමිබන්ධයෙන් යාපනය විශ්ව විද්‍යාල පරිපාලන අංශය කඩිනමින් ක්‍රියාමාර්ග ගත යුතුය. සිසුන්ගේ ආරක්‍ෂාව තහවුරු කරන ලෙසට දෙමාපියන් විසින් ඉල්ලිමක්ද කර ඇත.

උසස් අධ්‍යාපන අමාත්‍යයවරයාගේ පොරොන්දුවෙන් පසු යාපනය විශ්ව විද්‍යාලය යලි විවෘත කලද සිසුන්ගේ පැමිණිම අඩුවිම හේතුවෙන් පරිපාලන කටයුතු සහ කුලපතිවරුන්ගේ කටයුතු කිසිවක් නිසි අන්දමින් සිදු නොවේ.