උපුල් ජෝශප් ප්‍රනාන්දු
මව්බිම
මව්බිම
"අපි පාකිස්තානයට දඬුවමක්
දුන්නා කියලා කියනවා නම් ඒක වැරැදි මතයක්. පාකිස්තාන ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයට, නීතියේ ආධිපත්‍යයට අනුව රට ආණ්ඩු කරන්න සූදානම්
ඕනෑම අවස්ථාවක යළිත් පාකිස්තානයට පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය හිමි වේවි"
මේ බි්‍රතාන්‍යයේ
හිටපු විදේශ ලේකම් මිලිබෑන්ඩ් 2007 දී පාකිස්තානයට පොදු රාජ්‍ය
මණ්ඩල සාමාජිකත්වය අහිමි කරන්නට තීරණය කළ බව නිවේදනය කරමින් කළ ප්‍රකාශයය.
"ලංකාවටත් ඒ වගේ පොදු රාජ්‍ය
මණ්ඩල සාමාජිකත්වය අහිමි වෙයිද"....?
අද අලුත්කඩේ කතා
බහ කරන අලුත්ම මාතෘකාව ඒකය.
පාකිස්තානයට පොදු
රාජ්‍ය මණ්ඩල සාමාජිකත්වය අහිමි වූයේ එවකට ජනාධිපති මුෂාරෆ් එරට අගවිනිසුරුවරයා ඉවත්
කිරීමට එරෙහිව ශේ්‍රෂ්ඨාධිකරණය දුන්න තීන්දුව පළමුව පිළිගෙන පසුව රටේ හදිසි නීතිය ප්‍රකාශ
කොට අගවිනිසුරුවරයාව අත්අඩංගුවට ගෙන යකා නටන්න ගිහින්ය. ඒ වෙලාවේ මුෂාරෆ් පාකිස්තානයේ
ජනතාවගේ දේශප්‍රේමය ඇවිස්සුවත් පොදු රාජ්‍ය මණ්ඩල සාමාජිකත්වය අහිමි කරන තීන්දුවෙන්
හතර ගාතෙන් වැටිණි. පාකිස්තානයට පොදු රාජ්‍ය මණ්ඩල සාමාජිකත්වය අහිමි වූයේ 2007 දීය. පොදු රාජ්‍ය මණ්ඩල සාමාජිකත්වය අහිමි වෙන්න
යන බව දැනගත් මුෂාරෆ් හදිසි නීතිය දමා සිරගත කළ දේශපාලන සිරකරුවන් නිදහස් කොට සාමාජිකත්වය
අහිමි වීම වළක්වා ගන්න ලොකු උත්සාහයක් ගත්තේය.
"පොදු රාජ්‍ය මණ්ඩල සාමාජිකත්වය
ගැන අනතුරු ඇඟවීමෙන් පස්සේ මුෂාරෆ් නිවැරැදි දේශපාලන තීන්දු කීපයක් අරගෙන තියෙනවා.
ඒත් සාමාජිකත්වය අහිමි වීම වළක්වා ගන්න එය ප්‍රමාණවත් නැහැ. ඔහු පළමුව පාකිස්තානය කලින්
තිබූ තැනට පත්කළ යුතුයි...."
පොදු රාජ්‍ය මණ්ඩලයේ
මහ ලේකම් කියා තිබිණි.
සාමාජිකත්වය අහිමි
වීම වළක්වා ගන්න මුෂාරෆ් මහින්දගේ උදව් ඉල්ලා තිබිණි. ලංකාව පාකිස්තානයේ අභ්‍යන්තර
ප්‍රශ්නවලට පොදු රාජ්‍ය මණ්ඩලය මැදිහත් නොවිය යුතු යැයි කියා සාමාජිකත්වය අහිමි නොකරන්න
යැයි ආයාචනයක් කළේය. ඒත් ලංකාව පාකිස්තානය වෙනුවෙන් හඬ නඟන්න ගොස් පොදු රාජ්‍ය මණ්ඩලයේ
තනි විය.
අන්ත අසරණ වූ මුෂාරෆ්
හදිසි නීතිය ඉවත් කොට ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කොට 2008 දී යළි පොදු රාජ්‍ය මණ්ඩල සාමාජිකත්වය රටට හිමිකර
දී ගෙදර ගියේ පාකිස්තානය ලෝකයා ඉදිරියේ අපකීර්තියට පත් කළ බාල්දු කළ නායකයෙක් ලෙසය.
අද මහින්දත් තීරණය
කරන්න ඕනා ලංකාවේ පොදු රාජ්‍ය මණ්ඩලයීය සාමාජිකත්වය අහිමි වීමේ තර්ජනයක් තියෙනවා නම්
ඒ තර්ජනය වළක්වා ගන්න අලුත්කඩේට සුදු කොඩිය වනනවාද නැතිනම් ආණ්ඩුවේ දිවි නැඟුම බේරා
ගන්න අලුත්කඩේ එක්ක යුද්ධයට ගිහින් රටේ සුදු කොඩි උස්සනවාද කියන එකය.
අනෙක එදා පාකිස්තානයට
පොදු රාජ්‍ය මණ්ඩල සාමාජිකත්වය අහිමි වන විට පාකිස්තානය පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක්
පමණි. ලංකාව 2013 දී පොදු රාජ්‍ය මණ්ඩලයේ
සභාපතිකම බාර ගැනීමට සූදානමින් සිටී. ලංකාවට පොදු රාජ්‍ය මණ්ඩල සභාපතිකම දුන්නොත් තමන්
ලංකාවේ පොදු රාජ්‍ය මණ්ඩල රැස්වීම වර්ජනය කරනවා යැයි කැනඩාවේ අගමැති තර්ජනය කළේ ලංකාවේ
මානව හිමිකම් වාර්තාව හොඳ නැහැ කියමින්ය. ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානද ලංකාවට
සභාපතිකම දෙන්න එපා යැයි හඬ නැඟීය. ඒත් ලංකාවට 2013 දී සභාපතිකම අරන්
දෙන්න ඉන්දියාවද විශාල කාර්යභාරයක් කළේය.
ලංකාව කෙසේ හෝ
2013 සභාපතිකම හිමි කර ගත්තේය.
මහින්දගේ ආණ්ඩුව 2013 පොදු රාජ්‍ය මණ්ඩල සභාපතිකම
සහ 2018 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා
උළෙල ලංකාවට ගන්න මහා මෙහෙයුමක් දියත් කළේය. 2018 දී හම්බන්තොටට
පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල ගන්න රුපියල් මිලියන 880ක් වැය කළේය. ඒ සඳහා ලන්ඩනයේ සහ දිල්ලියේ ප්‍රකට
ප්‍රචාරක ආයතන දෙකක සේවය ගෙන කෝටි ගණන් වියදම් කළේය. ඒත් ක්‍රීඩා උළෙල ලැබුණේ නැත.
පොදු රාජ්‍ය මණ්ඩල සභාපතිකම හිමි විය. එය පොදු රාජ්‍ය මණ්ඩලයේ වත්මන් සභාපති ඕස්ට්‍රේලියානු
අගමැතිනිය නිවේදනය කළ විට මානව හිමිකම් සංවිධාන ඇගෙන් ඒ ගැන ප්‍රශ්න කළහ. ඇය කීවේ තමා
ලංකාවේ ජනාධිපති හමුවූ බවත්,
එල්.එල්.ආර්.සී.
වාර්තාව ක්‍රියාත්මක කොට ලංකාවේ සාමය ඇතිකරන බවට ඔහු සහතික වූ බවත්ය. ඒ කියන්නේ ලංකාව
පොදු රාජ්‍ය මණ්ඩල සභාපති ධුරය බාර ගැනීමට පෙර එල්.එල්.ආර්.සී. වාර්තාව ක්‍රියාත්මක
වී අවසන් කළ යුතු බවට නොනිල එකඟතාවක් තිබිණි. ඒත් ලංකා ආණ්ඩුව එය ක්‍රියාත්මක කිරීම
මඟහරිනවාය කියා බි්‍රතාන්‍යයේ විදේශ සම්බන්ධතා මන්ත්‍රි කමිටුව අගමැති කැමරන්ට කීවේ
බි්‍රතාන්‍ය ලංකාවේ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව වර්ජනය කළ යුතු බවය. කැමරන් කියා තිබුණේ
තමා ලංකාව ගැන අවධානයෙන් සිටින බවය.
අලි මදිවාට හරක්
කිව්වැහේ දැන් ප්‍රතිසන්ධාන වාර්තාවට අමතරව ආණ්ඩුව අධිකරණය එක්කත් අර්බුදයක් හදාගෙන
තිබේ. යුද්ධය කාලයේ සිට ඉන්දියාවට පොරොන්දු වූ 13 වන සංශෝධනය ක්‍රියාත්මක
කරන්නේ නැතිව ලංකාවට 2013 පොදු රාජ්‍ය මණ්ඩල සභාපතිකම
ගන්න උදව් කළ ඉන්දියාව එක්කත් අර්බුදයක් හදාගෙන තිබේ.
ආණ්ඩුව අලුත්කඩේට
එරෙහිව යුද ප්‍රකාශ කර තිබියදී පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපති ධුරය දරන ඕස්ට්‍රේලියානු
විදේශ ඇමැති හදිසියේ ලංකාවට දුවගෙන ආවේ නිකම්ම නොවේ. පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපති ධුරය
ඕනෑ නම් පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිවලට අනුව රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ
ආධිපත්‍යය ආරක්ෂා කරන්නය කියන අවවාදය දෙන්නටය.
"පාකිස්තානයේ වගේ කුමන්ත්‍රණයක්
මෙහෙ ඇතිකරන්න හදනවා..."
පසුගියදා මහින්ද
කියා තිබිණි. පාකිස්තානයේ තත්ත්වය මෙහෙ ඇතිකර ගත්තේ ආණ්ඩුවමය. අගවිනිසුරුවරිය ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථාවට අනුකූලව දිවි නැඟුම පනත ගැන දුන්න තීන්දුව පිළිගත්තා නම් අද පාකිස්තානයේ
වගේ අධිකරණ අර්බුදයක් මෙහෙ හැදෙන්නේ නැත. ඒ වගේම නැඟෙනහිර පළාතේ විනිසුරුවරයකුට ඇමැතිවරයකු
තර්ජනය කළ වෙලාවේ නීතිය ක්‍රියාත්මක කළා නම් අගවිනිසුරුවරියට ගෙනා දෝෂාභියෝගයට එරෙහිව
විනිසුරුවන් මෙහෙම එකට එක පෙළට හිටගන්නේ නැත. ඇමැතිවරයාගේ තර්ජනයට පසු ඇමැතිවරයා ආරක්ෂා
කිරීමෙන්ද, ව්‍යවස්ථාවට අනුව දිවි
නැඟුම පනත සම්බන්ධයෙන් දුන් තීන්දුව පිළිනොගෙන අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයක්
ගෙන ඒමෙන්ද ආණ්ඩුව අධිකරණයට අත තියන්න එන බව විනිසුරුවරුන්ට, නීතිඥයන්ට වැටහුණි. ඔවුන් නීතියේ ආධිපත්‍ය ආරක්ෂා
කරගන්න අගවිනිසුරුවරිය වටා එක්වූයේ ඒ නිසාය.
ආණ්ඩුව මුෂාරෆ්ගේ
ඇඳුම තමන්ම මහගෙන ඇඳගත්තේ ඔන්න ඔහොමය. පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපතිකම ගන්න සටන් කොට
අලුත්කඩේ එක්ක යුද්ධ කරන්න ගොස් සභාපතිකම පමණක් නොව සාමාජිකත්වයද තර්ජනයකට ලක් කරනවාය
කියන්නේ ලන්ඩනයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ දේශන දෙන්න ගොස් කොටි ඩයස්පෝරාවට දිනුම
දී ලංකාව අපකීර්තියට, බාල්දුවට පත්කරනවා වගේ
වැඩක්ය. පොදු රාජ්‍ය මණ්ඩල සභාපතිකම බාරගන්න ඉන්න වෙලාවේ සාමාජිකත්වය අහිමිකර ගැනීමේ
තර්ජනයකට ඉඩ දෙනවාය කියන්නේ ලංකාව ලෝකයා ඉදිරියේ දෙකේ කොළයකට ඇද දැමීමකි.
පොදු රාජ්‍ය මණ්ඩල
සභාපතිකම රටකට රාජ්‍ය නායකයකුට සමහර විට එක් වරකට ලැබෙන අවස්ථාවකි. ලංකාවට පළමු අවස්ථාවය.
රාජ්‍ය නායකයකු ලෙස ඒ වාසනාව ලැබී ඇත්තේ මහින්දටය. අවාසනාව අලුත්කඩේ අර්බුදයෙන් ඔහුට
පමණක් නොව රටටම ඒ වාසනාව අහිමි කරගන්න යෑමය. අනෙක එ.ජා. සංවිධානය ලංකාවේ යුද අපරාධ
හොයන්න යද්දී විරෝධය පළ කළේ පොදු රාජ්‍ය මණ්ඩල රටවල්ය. ඔවුන් නැතිකර ගැනීම ලංකාව කබලෙන්
ළිපට ඇද දැමීමකි.