තව බොහෝදෙ ගිනිගනු ඇත.


හර්ෂි සි. පෙරේරා

කොළඹ කච්චේරියේ ගින්න ස්වභාවිකව ඇති වූවක් නොවන බවට රජයේ රස පරීක්ෂකගේ වාර්තාවේ ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා කියයි. දියර වර්ගයක් ඉස ගිනි තබා ඇතිදැයි පොලීසිය විමර්ශනය කරයි. ශ්‍රී ලංකාව යන්නේ ආශ්චර්ය කරාලු. නීතිමය අයිතීන් ඇති ස්ථාන ගැන සුපරික්ෂාවක් නොමැති රටක සංවර්දනය කුමටද? සියල්ල සිදුවන්නේ එක කණ්ඩායමක අවශ්‍යතාවටය. ඒ කණ්ඩායමට විරුද්දවන කිසිදු සාදරනයක්, යුක්තියක්, නීතියක් සදහා ඉඩක් තව දුරටත් ශ්‍රී ලාංකීය දේශය තුල නැත. මේ කණ්ඩායමට ඇතැම්විට නිතිය අතට ගත් ග්රමරක්ෂකයින්, ග්රමසේවකයින්ද ඇතුලත් වේ. මේ කණ්ඩායම තමනට ගැතිකම් කරන ඕනෑම කෙනෙක් නිතිය කඩන විට ඊට අනුබල දෙයි. නඩු පොත් අස්ථාන ගත කරයි. ලිපිගොනු යටියන්තොට යවයි. නඩු බාන්ඩ විකුණයි. එහෙම නැතිනම් විනාශ කරයි.  -->