දෝෂාබියෝගය ගැන රාජ්‍ය සේවකයෙකු සමග කතා බහක්.



හර්ෂි සි. පෙරේරා

මද්‍යවෙදිනිය ;- මොකද සිජේගේ ප්‍රශ්නය ගැන හිතන්නේ? 

රාජ්‍ය සේවකයා ;- එයා ගෙදර යන්න එපයි ඔච්චර ඉන්නේ නැතිව එක්කෝ අවුරුද්දකට නිවාඩු අරන් රට යන්න තිබුනා. 

 මද්‍යවෙදිනිය;- ඇයි එහෙම කියන්නේ ? 

 රාජ්‍ය සේවකයා;- එයාගේ මහත්තයාගේ හොරකම් නඩුව ගෝල්ඩන් කි මිනිස්සුන්ට කරපු දේ. 

මද්‍යවෙදිනිය;- ඒ වුනාට එයා තමන්ගේ සටන අත ඇරලා නැහැ නේද? 

රාජ්‍ය සේවකයා;- ඔය සටන් වලින් කොහේ දිනන්නද. අපි ඉන්නේ දේශපාලන මඩ ගොහොරුවක . අරවගේ ප්‍රබලයෙක් එක්ක අපේ වගේ රටක කොහේ හප්පෙන්නද? 

මද්‍යවෙදිනිය;- පෙරෙදා උසාවිය ඉස්සරහා සහ පාර්ලිමේන්තුව ඉදිරිපිටට ආණ්ඩුවේ මන්ත්‍රීලා සංවිදානය කරලා නේද මිනිස්සු ගෙන්වුයේ?

 රාජ්‍ය සේවකයා; - නැහැ ඒ හිටියේ මවින් සිල්වාගේ මිනිස්සු.

 මද්‍යවෙදිනිය;- සරත් නන්ද සිල්වා දුෂණ හෙළිවෙයි කියලා බියෙන් නේද ආණ්ඩුවට එක්වෙලා ඉන්නේ? 

රාජ්‍ය සේවකයා;- එය ඉතින් මුළුමනින්ම දුශිතයිනේ . එක හින්දා ප්‍රශ්නයක් නැහැ. සි ජේ ට හොද ස්ටේටස් එකක් තිබුනා. මහත්තයාගේ ප්‍රශ්නෙදි එයාට ලංකාවේ පබ්ලික් ඉන්ටරස්ට් තියන හින්දා ඒ ගැන හිතලා වැඩ කරන්න තිබුනා. 

මද්යවෙදිනිය;- හොදයි පස්සේ හමුවෙමු. 

(මෙම රාජ්‍ය සේවයට සම්බන්ද නිලදාරියා සවුක්ය ක්ෂේත්‍රය නියෝජනය කරනු ලැබේ.)  -->