65 හැවිරිදි මගේ පියාට පොලිසිය දැනුත් ගහනවා.



හර්ෂි සි. පෙරේරා 

 65 හැවිරිදි කාදර් සයිබුව බුලත්සිංහල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මේ මොහොතේත් වදහිංසා පමුණුවන බව වාර්තා වේ. ඔහුගේ පුතා වන කාදර් සයිබු මොහොමඩ් නවාස් අද දින 2012.12.06 සවස මේ පිලිබදව මානව හිමිකම් කොමිසමට, පොලිස්පතිට, කළුතර නියෝජ්‍ය පොලිස්පතිට සහ කළුතර ජෙෂ්ට පොලිස් අදිකාරී වෙත ෆැක්ස් මගින් දැනුම් දෙන ලදී. ඔවුන් 82 කොටස මිණිපුර දුම්බර පදිංචිකරුවන් වේ. 2012.12.04 දින කාදර් සයිබුව බුලත්සිංහල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ ගත්ත රත්තරන් බඩු ඉල්ලමිනි. චයරුපයේ සිටින්නේ කාදර් සයිබුගේ පුත් නවාස්ය.-->