විල්සන්ගේ රා දොශාබියෝගය හෙටයි.



හර්ෂි සි. පෙරේරා

අදද අගවිනිසුරුවරියට එරෙහි දෝෂාබියෝගය නිසා අලුත්කඩේ සහ පාර්ලිමේන්තුව අසල උණුසුම් විය. රටේ සාමාන්‍ය ජනයාගෙන් බහුතරයට පොලිසියත් පොලිසියට ඕන විදියට රබර් මුද්‍රා තබන අදිකරණයත් නිසා දැඩි පීඩාවකට ලක්වීමට සිදුව තිබේ. ප්‍රශ්න නැති කාලයේ සාමාන්‍ය ජනයාට යුක්තිය අහිමිවීම ගැන කතා කරන්නට කවුරුත් ඉදිරිපත් වුයේ නැත. අද ඔවුනට වල කැපෙන විට සාමාන්‍ය ජනයා සන්වෙදිනොවනවා මෙන්ම ඔවුන්ව ආණ්ඩුව පලිහක් කරගෙන අවසානය. ඉතින් බලමු ගාල්ල ඉදුරුවේ වින්සන්ට් ට මොකද වුනේ කියලා. 2012.11.27 උදේ වින්සන්ට් කෙසේල්කන් විකිනීමට කඩයට ගියවිට කොස්ගොඩ පොලිසියෙන් අත්අඩංගුවට ගෙන වියාජ චෝදනාව ලෙස රා බෝතලයක් දමා ඇත. පොලිස් ඇප මත නිදහස් වූ ඔහුට හෙට 2012.12.05 දින උසාවි එන ලෙස දන්වා තිබේ. 64 හැවිරිදි විල්සන් විජේසුන්දර අවිවාහකයෙකි. කහවේ, ගම්මැද්ද මහා ඉදුරුව ඉදුරුවේ පදිංචිව සිටි. ඔහු සිය දුක්ගැනවිල්ල 2012.11.30 දින මානව හිමිකම් කොමිසමට, පොලිස් කොමිසමට, පොලිස්පතිට , සහ ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිට ලිකිත පැමිණිල්ලක් මගින් ඉදිරිපත් කළේය.  -->