පින්වත්ත පොලිසියේ "බොක්සර්" පානදුර දකුණ පොලිසිය සමග එක්ව නැවත වරක් වැඩ පෙන්වයි.



හර්ෂි සි. පෙරේරා 

දිලිප් තුෂාර ප්‍රනාන්දු 26 හැවිරිදි විවාහක එක් දරු පියෙකි. අංක 232/ඩි 5, ආදර්ශ මාවත, කලුදවල පානදුර පදිංචිව සිටි. 2012.11.29 වන දින උදේ 10 - 10.30 ට පමණ පින්වත්ත පොලිසියේ සිවිල් ඇදුමින් පැමිණි බොක්සර් නැමැත්තා විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත. පසුව බොක්සර් ත්‍රිරෝද රථයකින් ඔහුව පානදුර දකුණ පොලිසියට ගෙන ගොස් තිබේ. පොලිසියේ අපරාද අංශයේදී ඔහුට බොක්සර් ටිෂට් එක ගලවන්න කියා අත් දෙකෙන් උස්සා කරකවා පසුව බිම දණගස්වා ඇත. පසුව කුඩුවට දමා තිබේ. 2012.11.24 දින සවස 2.30 ට පමණ මහේස්ත්‍රාත් තුමියගේ නිල නිවසට ගෙන ගොස් ඇප මත මුදා හැර ඇත. මිට පෙර එනම් 2012.07.11 දින පානදුර දකුණ පොලිසිය ඔහුව නීතිවිරෝදී ලෙස අත්අඩංගුවට ගෙන වියාජ චෝදනා නගා අමානුෂික ලෙස වදහිංසා පමුණුවා තිබේ. දිලිප් තුෂාර 2012.11.29 දින පින්වත්ත පොලිසියේ බොක්සර්ට හා පානදුර දකුණ පොලිසියේ නිලදාරින්ට විරුද්දව මානව හිමිකම් කොමිසමට, පොලිස් කොමිසමට, පොලිස්පතිට, කළුතර නියෝජ්‍ය පොලිස්පතිට, පානදුර ජෙෂ්ට පොලිස් අදිකාරිට ලිකිතව පැමිණිලි කරන ලදී. -->