දෙමළ ජාතික සන්ධානය විනාශකොට සුමන්දිරන් සහ කේපි යොදවා නව දේශපාලන පක්ෂයක් ආරමිභ කිරිමට යයි
සුමන්දිරන්ව පිළිගැනීමට සෙල්වින් රැදී සිටීමත්, කේපීගේ ජාත්‍යන්තර ලේකම් සර්වේ කුඩයක් ඉසලාගෙන එම ස්ථානයට පැමිණිමත්, ටම්මන් ප්‍රදේශයේ ජීවත් වන සන්මුග ප්‍රභූ, ශ්‍රී ලංකා බුද්‍ධි අංශ නියෝජිතයින් සහ කේපී කණ්ඩායමේ වැදගත් පුද්ගලයින් මෙම ස්ථානයට පැමිණිමත් ජායාරූපයෙන් දැකගත හැකිය.
නෝර්වේ වල සිටින කේපීගේ ලේකම් සෙල්වින් සහ කේපීගේ ජාත‍්‍යන්තර සම්බන්ධීකාරක පරයන් ගේ ප්‍රධානත්වයෙන් දෙමළ ජාතික සන්ධානයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුමන්දිරන්ව කැඳවා දෙමළ ජාතික සන්ධානය විනාශ කිරීම සමිබන්ධයෙන් වන රහසිගත සාකචිඡාවක් පවත්වා ඇත.
සෙල්වින් විසින් සුමන්දිරන්ව කැඳවාගෙන ගොස් හෝටලයේ කාමරයක් වෙන්කර දීම මෙන්ම සෙල්වින් සහ සුමන්දිරන් හෝටලයේ තරුණියක් සමග කතා කරමින් සිටීමත් ඒ අසල රටින් බැහැර දෙමළ ඊළාම් රජයේ වැදගත් පුද්ගලයකු වන රූබන් ශිවරාජා සිටිනු පහත වීඩියෝවෙන් දැකගත හැකිය.
කොටින්ව පාවාදී මුල්ලිවායිකාල් තෙක් ගෙන ගිය පසු කේපී ගේ ලේකම් වශයෙන් කටයුතු කර ශ්‍රී ලංකා බුද්ධි අංශය සමග කේපී රහසිගත සම්බන්ධතාවයක් පැවැත්වූ අවස්ථාවේ එම නාටකයේ නළුවෙක් වූ රජයේ නියෝජිත සෙල්වින් මෙම රහසිගත සාකචිඡාවට සම්බන්ධ විය. (මෙම සෙල්වින්ව ශ්‍රී ලංකා රජය තව විශ්වාසවන්තයකු ලෙසින් සිරාන් සංවිධානයට පත්කරන ලදි. කොටි සංවිධානයද එය පිලිගෙන තිබුනි)
සුමන්දිරන්ව වාහනයෙන් කැඳවාගෙන විත් එම ස්‍ථානයේ බැස්සවූ ජෙගරාජා බාලසිංහම් බාස්කරන්, දෙමළ ජාතිය විනාශ කිරීමටත් දෙමළ ජාතික සන්ධානය විනාශ කිරීමටත් කටයුතු කරන සුමන්දිරන්ගේ ගමන් මල්ල වාහනයෙන් බා රැගෙන ගොස් සෙල්වින්ගේ අතට දෙනු වීඩියෝවෙහි දැක ගත හැක.
තවද කේපීට වැරදි උපදෙස් ලබාදී කොටින් සමග බේදයන් ඇති කර, තනතුරු වෙනුවෙන් දෙමළ ජාතික හිතවාදීන් අතර බේදයන් ඇති කල අරියාලෙයි පරයන්, සර්වේ, නෝර්වේ වල මොවුන් පිටුපස සිටින බාස්කරන්ගේ මාමා, ශ්‍රී ලංකා බුද්ධි අධ්‍යක්ෂ කපිල හෙන්දාවිතාරනව ලංකාවට ගොස් හමුවී ප්‍රසංසා කල කේපී ගේ වැදගත් නියොජිතයකු වන සිත්ති විනායගර් හෙවත් සිත්ති, දෙමළ තරුණ සංවිධානයේ සිට දෙමළ ජාතිකත්වයට බැන වදිමින් තම පෙමිවතියට කවුන්සිලයක තනතුරක් රැගෙනදුන් පසු ඇය විවහා කරගෙන රටින් එපිට දෙමළ ඊළාමි රජය තුල සැරිසරන රූබන් සිවරාජා ඇතුළු කේපි විසිනුත් ශ්‍රි ලංකා බුද්ධි අංශය විසිනුත් තෝරාගත් අයවළුන්ට පමණක් මෙම හමුවට සහභාගිවිමට අනුමැතිය දි ඇත. දෙමළ ජාතික සන්ධානය යනු වටිනා ජිවිත සිය ගණනක් බිලිදි ගොඩ නගන ලද්දකි. එය ගොඩ නැගිමට බොහෝ දෙමළ මාධ්‍යවේදින් සටන් කලහ.
මහින්ද රාජපක්ෂ පවුලේ අයවළුන් සමඟ ක්‍රිකටි ක්‍රිඩාකල සුමන්දිරන් පසුපස දොරෙන් දෙමළ ජාතික සන්ධානයේ ආසනයක් ලබා ගත්තේය. ඔහු දෙමළ ජනතාව විසින් පත්කරගත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු නොවේ. සුමන්දිරන්ගේ මුල්ගම වඩමාරචිචි නැගෙනහිරයි. ක්‍රිස්තියානි මිශ්‍රණයක් බැවිනුත් නොගැලපෙන කුලයකින් විවාහයක් කර ගැනිම හේතුවෙනුත් මුල් කාලයේ සිටම ඔහු තම උපන් ගමට පැමිණෙන්නේ නැත. කැනඩාවේ සිට කොටින්ගේ සාම සාකචිඡාවලට අභියෝග කල, කේපි සමඟ සාකචිඡා කර ඇති සහ කොටින්ගේ බුද්ධි අංශයේ ඝාතන උත්සාහයෙන් බේරුණු ඩිපිඑස් ජෙයරාජ්ගේ ඥාතියෙකි. 2009 වර්ෂයට පසු කොටින් අතර ඇතිවු බොහෝ බෙදිමි ඩිපිඑස් ජෙයරාජ් විසින් ප්‍රථමයෙන්ම අනාවරණය කරන ලදි. එම තොරතුරු රුද්‍රකුමාර් සමඟ ස්කයිප් ඔස්සේ සාකචිඡාවට සමිබන්ධවු සෙල්වින් විසින් ජෙයරාජ්ට ලබාදුන් බව කොටින් විසින් සැක කරන ලදි. මෙම සාකචිඡාවට නෙදියවන් කණ්ඩායමත් ශ්‍රි ලංකා රජයේ කුලිකරුවනුත් කොටින්ගේ බුද්ධි අංශයත් දෙමළ මාධ්‍යවේදිනුත් සහභාගිවිම සඳහා ඉල්ලිමක් කර ඇත. නමුත් ශ්‍රි ලංකා බුද්ධි අංශයේ සැලසුමිවලට අනුව ක්‍රියාත්මක වන හිටපු කොටි ක්‍රියාකාරිකයින්ට පමණක් මෙයට සහභාගිවිමට අනුමැතිය ලබාදි ඇත.