මවකගේ කදුලක්;- තවත් පුතෙකුට අමානුෂික ලෙස වදහිංසා පමුණුවයි.



හර්ෂි සි. පෙරේරා

මන්දලිගේ රජිත් චමින්ද ප්‍රනන්දුව 2012.11.21 දින ගල්කිස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු 31 හැවිරිදිය. අරලියහෙන, හල්තොට පදිංචිව සිටි. ඔහුව 2012.11.29 දින දක්වා ගල්කිස්ස පොලිසියේ රදවා තබා ගෙන අමානුෂික ලෙස වදහිංසා පමුණුවා ඇත. පොලිස් අත්අඩංගුවේ සිටියදී කාන්තාවන් කිහිප දෙනෙකු කැදවා ඔහුව පෙන්වා ඇති අතර ඔහුගේ චයාරුපද ගෙන තිබේ. ඔහුව 29 දින කළුබෝවිල රෝහලේ වයිද්යවරයකු වෙත ඉදිරිපත් කර එදිනම ගල්කිස්ස මහේස්ත්‍රාත් අදිකරණයට ඉදිරිපත් කර 2012.12.06 දින දක්වා අදිකරණය මගින් රක්ෂිත බන්දනාගාර ගත කොට තිබේ. ඔහු දැනට කළුතර බන්දනාගාරයේ පසුවන අතර 2012.12.13 දින පානදුර අදිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. ඔහුගේ මව වන ඇලන් ලෝරා හෙලන් ජයතිලක මහත්මිය 2012.12.11 දින මේ පිලිබදව මානව හිමිකම් කොමිසමට, පොලිස් කොමිසමට, පොලිස්පතිට, නුගේගොඩ නියෝජ්‍ය පොලිස්පතිට, සහ ගල්කිස්ස පොලිස් අදිකාරිට ලිකිතව පැමිණිලි කරනු ලැබිණි.  -->