හර්ෂි සි. පෙරේරා
2012.12.06 දින ඉහත ප්‍රකාශය කරන්නේ හොරණ පොලිසියේ කාන්තා පොලිස් කොස්තාපල් රුචිකා විසිනි. ඒ 34 හැවිරිදි දෙදරු පියෙකු වන ලංකා බැංකුවේ රියදුරකු ලෙස සේවය කරන ගම්පිල ඉමිටියගේ දොන් වසන්තගේ බිරිදට තර්ජනය කරමිනි. දොන් වසන්ත 187/18, නව ලෙනවර උයන, හල්තොට, බණ්ඩාරගම පදිංචිකරුවෙකි. 2012.11.19 දින හොරණ පොලිසියේ පො කෝ රුචිකා වස්නතට විරුද්දව අසත්‍ය පැමිණිල්ලක් කර ඇත. ඒ වසන්ත ඇයට යතුරු පැදියට නැගීමට කතා කල විට ඇය නැග්ගේ නැති බවත් එවිට ඔහු කලිසම ගලවා ලින්ගේන්ද්‍රය පෙන්වමින් ඇය අපහසුතාවයට පත් කරන ලෙස හැසිරුනයි අසත්‍ය පැමිණිල්ලක් කරමිනි. 2012.11.24 දින සවස වසන්ත බණ්ඩාරගම පොලිසියට ගියේ ඔහුගේ යතුරු පැදිය හොර එකක් බව පොලිස් නිලදාරීන් පැවසූ නිසාය. ඒ අවස්ථාවේ ඔහුව කුඩුවට දමා පසුව එලියට ගෙන ප්‍රශ්න කර අලුයම 1.30 ට පමණ ඇප මත මුදා හැර තිබේ. පොලිස් කොස්තාපල් රුචිකා පැමිණිල්ල විබාගය සදහා පැමිණීම මගහරිමින් සිටි. මෙම වියාජ පැමිණිල්ල නිසා වසන්ත දිගින් දිගටම මානසික පිඩාවට පත්වෙමින් සිටින අතර එය ඔහුගේ රැකියාවටද බලපා තිබේ. ඇගේ වියාජ පැමිණිල්ල හේතුවෙන් ඔහුගේ යතුරුපැදිය පරීක්ෂණ සදහායි කියමින් බණ්ඩාරගම පොලිසියේ රදවා ගෙන ඇත. 2012.12.11 දින දොන් වසන්ත මේ පිලිබදව මානව හිමිකම් කොමිසමට පොලිස්පතිට සහ පානදුර ජෙෂ්ට පොලිස් අදිකාරී වෙත ලිකිතව පැමිණිලි කරන ලදී. චායරුපයේ සිටින්නේ වසන්ත සහ ඔහුගේ බිරිදයි.
-->