හර්ෂි සි. පෙරේරා
මාක්ස් ජූඩ් ආනන්ද ප්‍රනාන්දු 39 හැවිරිදි විවාහක තිදරු පියෙකි. ඔහු වියාපාරිකයෙකි. මහා විතිකලිය, විතිකලිය කුරුණෑගල පදිංචිව සිටි. ඔහු අද 2012.12.12 මානව හිමිකම් කොමිසමට, පොලිස්පතිට, කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිට සහ කුරුණෑගල ජෙෂ්ට පොලිස් අදිකාරී වෙත පහත සදහන් පොලිස් නීතිවිරෝදී ක්‍රියාව පිලිබදව ලිකිතව පැමිණිලි කරන ලදී. 2012.11.19 දින මාක්ස් කොබෙයිගනේ පොලිසියට ගියේ තමන්ට විරුද්දව කාන්තාවක් කල බල්ලෙකු උසි ගැන්වීමක් පිළිබද පැමිණිල්ලක් විබාග කිරීම සදහාය. නමුත් ඔහුට වැඩ බලන ඕ අයි සි කුණුහරුපයෙන් බැන පහරදී කුඩුවට දැමීමෙන් නොනැවතී වියාජ චෝදනා මත රක්ෂිත බන්දනාගාර ගත කරනු ලැබිණි. ඔහු 2012.11.23 දින ඇප මත නිදහස් විය. ඔහුට විරුද්දව වියාජ චෝදනා 03 ක් ගොනු කර තිබිණි . ඒ දකුණු අතේ දබර ඇගිල්ල දිගු කර රාජකාරියට බදා කිරීම, සුනකයකු උසි ගන්වා අඩන්තේට්ටම් කිරීම, සහ වරෙන්තුවක් ඇති බවයි. මාක්ස් මේ චෝදනා තුනම ප්‍රතික්ෂේප කරයි. වැඩ බලන ස්ථානදිපති ඔහුව උසාවියට ගෙන ගිය පසු ඔහුට ස්ථානදිපති ජයවිරගෙන් දුරකථන ඇමතුමක් ලැබී ඇත. මේ දුරකථන සංවාදය මකස්ට ඇසි තිබේ. ජයවීර නමැති නිලදාරියා විජේරත්න නමැති නිලදරියට පවසා ඇත්තේ" මචන් උබ ඕක දාපන් මම 17 වෙනිදට එනවා මම ආවම ඕකට බෝම්බයක් හරි ගංජා කිලෝ එකක් හරි දානවා උබ ඕක දාපන්" යනුවෙනි.
-->