ගාල්ල මුල්ලවත්ත පවුල් 80 කට ග්‍රාමසේවක කෙනෙක් නැහැ.




හර්ෂි සි. පෙරේරා

 ගාල්ල මාතර පාර මුල්ලවත්තේ පවුල් 80 කට වඩා ජිවත් වේ. ඔවුන්ගෙන් 99% ක්ම මුස්ලිම් බක්තිකයින්ය. සාමකාමීව ජිවත්වන ඔවුන්ට බවුතික ප්‍රශ්න ගණනාවකි. ඒ අතර ග්‍රාමසේවක කෙනෙක් නොමැතිවීම බරපතල ප්‍රශ්නයකි. ග්‍රාමසේවක හමුවීමට සියබලගහවත්තට යායුතු අතර ත්රිවිලරයක යාමට සහ ඒමට රුපියල් 140ක් වැය වේ. ඔවුන් පවසන ආකාරයට ඔවුන්ට මාස 08 ක පමණ කාලයක සිට ග්‍රාමසේවක කෙනෙක් නැත. මුල්ලවත්ත ජනතාවට කුණු කසල බැහැර කිරීමට ප්‍රමාණවත් පහසුකම් නොමැතිවීම ඔවුන් මුහුණ දෙන්නා වූ තවත් දුෂ්කරතාවයකි. ට්‍රයිකෝ එකෙන් පාර අසල තාප්පයක් ඉදිකරන අතර එය සම්පුර්ණ වුවිට කෙසේවත් කුණු ගෙනයාමට වාහනයකට පැමිණිය නොහැකි බවත් ඔවුහු ප්‍රකාශ කළහ. තවද වතුර බැස යාමට කානු පද්දතියක්ද සකසා දී නැත. මෙනිසා අපිරිසිදුකමත් මැසි මදුරු උවදුරත් ඔවුන්ට තදින්ම බලපෑ ඇත. ඔවුන් පවසන ආකාරයට ඩෙංගු රෝගය බෝවීමේ දැඩි අවදානමක් පවතී. මුල්ලවත්ත ප්‍රදේශවාසීන් දිගින් දිගටම කියා සිටියේ චන්ද කාලෙට මේවාට විසදුම් දෙන සැම පක්ෂයකම දේශපාලඥයින් දැන් නොමැති බවයි. -->