නීති ප්‍රවේශය සමත් වන මුස්‌ලිම් අයෑදුම්කරුවන් සංඛ්‍යාව වැඩිවීම ගැන පරීක්‌ෂණයක්‌ ඉල්ලයි

චානක්‍ය ජයගොඩ

රාවුෆ් හකීම් මහතා අධිකරණ අමාත්‍ය පදවියට පත්වීමෙන් පසු 2011 හා 2012 යන වසර ද්විත්වයේ නීති විද්‍යාල ප්‍රවේශ විභාගය සමත් වන මුස්‌ලිම් ශිෂ්‍ය සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස ඉහළ යැම සම්බන්ධයෙන් විධිමත් පරීක්‌ෂණයක්‌ ඉල්ලමින් මහජන පෙත්සමකට අත්සන් ගැනීම අනිද්දා (28 දා) කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී ආරම්භ කෙරේ.

නීති ප්‍රවේශ ශිෂ්‍ය එකමුතුව විසින් මෙලෙස මෙම පෙත්සමට අත්සන් ලබාගැනීමට නියමිත අතර පෙත්සම ජනාධිපතිවරයාට හා ආගමික නායකයන් වෙත යොමු කිරීමට සැලසුම් කර තිබේ.

මෙදින පෙරවරුවේ නීති ප්‍රවේශ පරීක්‌ෂණයට ඉදිරිපත් වූ අයෑදුම්කරුවන් කැඳවා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ කතිකාවක්‌ පැවැත්වීමටද නිSති ප්‍රවේශ ශිෂ්‍ය එකමුතුව කටයුතු යොදා ඇත. මෙම හමුව කොළඹ විහාරමහදේවි උද්‍යානය ඉදිරිපිටදී පැවැත් වේ.