හර්ෂි සි. පෙරේරා
මෙසේ කොච්චි දමන බවට තර්ජනය කරමින් පානදුර පොලිසිය අමානුෂික ලෙස පහරදුන්නේ පණ්ඩිත කොරලලගේ සාලිය පුෂ්ප කුමරටය. ඔහු 28 හැවිරිදි විවාහක තරුණයෙකි. පානදුර වදුරමුල්ල යුනිකො ස්ටිල් ෆර්නිචර් හි වැටුප් ලිපිකරුවෙකු ලෙස සේවය කරයි. 2012.12.17 දින ඔහුව පානදුර පොලිසිය සේවා ස්ථානයේදී අත්අඩංගුවට ගත්තේ එහි සිදුවූ සොරකමක් සම්බන්දයෙනි. මෙම වදහිංසා පැමිණවීමට මුල් වුයේ පානදුර පොලිසියේ අපරාද අංශයේ උප පොලිස් පරීක්ෂක නිශාන්ත කුමාරය. සාලිය කළුතර නාගොඩ රෝහලින් ප්රතිකාර ලබාගෙන ඇත. දැනටත් ඔහුට ඔලුව රිදීම, තුනටිය රිදීම, යටිපතුල් වල වේදනාව, මුත්ර දැවිල්ල සහ නින්ද නොයාම වැනි රෝග ලක්ෂණ තිබේ. ඒ පානදුර පොලිසියේ කෘර වදහිංසා පැමිණවීම හේතුවෙනි. 2012.12.24 දින සාලිය මේ පිලිබදව මානව හිමිකම් කොමිසමට, පොලිස්පතිට සහ පානදුර ජෙෂ්ට පොලිස් අදිකාරී වෙත ලිකිතව පැමිණිලි කළේය.
-->