හර්ෂි සි. පෙරේරා
කු/නිශ්ශංක විදුහලේ විදුහල්පති එච් ඒ ජයරත්න සිය පාසලට තම ළමුන් දෙදෙනාව ඇතුලත් කර ගැනීමට ගිය කාන්තාවකට ලිංගික අතවර කළේය. මෙම අපරාදයට ගොදුරු වුයේ 42 හැවිරිදි දෙදරු මවකි. ඇය නමින් වික්‍රම පේඩිගේ කුමුදුනි පුෂ්පලතය. ඇය අම්බලම්පිටිය, කොළ පලලිකන්ද, කුරුණෑගල පදිංචිව සිටි. සිද්දිය වන්නේ 2012.12.10 වැනිදාය. ප්‍රදේශවාසීන් විදුහල්පතිවරයාව පොල්ගහවෙල පොලිසියට බාර දෙයි. එහිදී පොල්ගහවෙල පොලිසිය මෙම අපරාදය රුපියල් 10,000 කට සමත කිරීමට උත්සහ දරා ඇත. විදුහල්පතිවරයාට සහ ඔහුව බේරා ගැනීමට කටයුතු කල පොල්ගහවෙල පොලිසියේ නිලදාරින්ට එරෙහිව නීතිමය පියවර ගන්නයි කුමුදිනි පුෂ්පලතා මහත්මිය නීතිපතිට, පොලිස්පතිට, සහ කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිට 2012.12.15 දින ලිකිතව පැමිණිලි කළාය.
-->